Wednesday, April 08, 2026
Follow Us
රටේ ආර්ථිකය ආපදා තත්ත්වයකට කඩා වැටීලා - ජවිපෙ නායක

රටේ ආර්ථිකය මේ වන විට ආපදා තත්ත්වයකට කඩා වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ එම තත්ත්වය මේ වන විට සෑම ජන කොටසකටම බලපා ඇති බවයි.

කෙසේවෙතත් අමාත්‍ය එස් බී දිසානායක පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාවේ ඇත්තේ ආසියාවේ අඩුම ඉන්ධන හා ගෑස් මිල බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

(Neth)