ඔළුගෙඩි මාරුවක් වුවද, මේ සිදුවෙමින් පවතින්නේ වංචාකාරී රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ, මැතිවරණ ක්‍රමයට ගෙන ආ යුතු සංශෝධන ඇතුළත් යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමටයි.
රටේ ඇති ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර නොගතහොත් ඉදිරියේදී මුළු රටම අකර්මණ්‍ය වීමට හැකි බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ගිනි තැබීමට ලක්වූ සිය නිවස බැලීම සඳහා ඊයේ (11) පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී හඬා වැළපෙන ආකාරය දක්නට ලැබිණි.
විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු ඉදිරියේදී ආණ්ඩුවට එක්වනු ඇතැයි වාර්තා පළ වනවා. ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් අනතුරුව මෙම මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයට එක්වනු ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ කුමන පුද්ගලයෙකු බලයට පැමිණිය ද රට යළි ගොඩනැගීම අපහසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති කඩනමින් වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවයි.
රට ගොඩනගන ගමනේදී තීන්දු කළ යුත්තේ දේශපාලකයින්ගේ වාසිය නොව රටේ වාසිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා අකමැත්තක් පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
පසුගියදා අලුතින් ගැසට් කෙරුණු කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහා හිටපු ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගේ නමත් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ නමත් යෝජනා වී ඇති බව වාර්තා වේ.
පසුගිය මැයි 20 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් සිදුකළ කතාව ඉල්ලා අස්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ගම්වල ජනතාව සිතාගෙන සිටින තරම් වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
අදානි සමාගම විසින් සිදුකරනු ලබන්නේ අපගේ සූර්යා ලෝකයෙන් විදුලිය නිපදවා අපට විකුණා ඔවුන් ඩොලර් රැගෙන යාම බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා
Page 154 of 554