පවතින ආණ්ඩුව වෙනස් නොකර රට මුහුණ පා තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පවතින ගැටලු විසදීම සඳහා නව ආණ්ඩුවක් පිහිටුවීමට බොහෝ පාර්ෂවවලින් ඉල්ලීම් ඉඳිරිපත්ව ඇති බවයි.
පැලැස්තර විසදුම් වලින් පවතින අර්බුද විසදිය නොහැකි බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
NEth