Aeroflot ගුවන් යානය පියාසර කිරීම වළක්වාලමින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයෙන් පසු මතු වූ තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
රුසියාවට අයත් එයාර්ෆ්ලොට් ගුවන් යානය මෙරට රඳවා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් නොවන බවට මෙරට ආණ්ඩුව ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ප්‍රමාදවී හෝ මෙම එම ගැටළුව නිවැරදි කිරීමට ආණ්ඩුව වහාම මැදිහත් විය යුතු බවයි එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේම ජ්‍යේෂ්ඨයින්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඉඩම් අමාත්‍යාංශයට අයත් වාහන එම අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයා වන එස් එම් චන්ද්‍රසේන මේවනතෙක් භාර දි නොමැති බව වාර්තා වනවා. ඊට හේතුව ලෙස දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ යළිත් එම අමාත්‍ය ධූරයම ඔහුට ලැබේයැයි යන විශ්වාසයෙන් පසුවීම හේතුවෙන් මෙම වාහන භාරදී නොමැති බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති එම හමුවේදී 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සහ රාජපක්ෂවරුන් හවුල් වී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා (LRC) අරමුදලට අයත් රුපියල් මිලියන 700ක් අවභාවිතා කර ඇති බව වාර්තා වේ.
මේ වන විට දුමින්ද සිල්වා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ශ්‍රී ජයවර්ධනපුර ස්නායූ ප්‍රතිකාර ඒකකය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙන බව වාර්තා වෙයි.
Main Opposition Samagi Jana Balawegaya (SJB) Parliamentarian and former State Minister of Finance Eran Wickramaratne yesterday said that new tax policies must be complemented with expenditure rationalisation to ensure social protection.
රටේ උත්තරීතරම බලය ඇත්තේ මහජනතාව අත බවත් පාර්ලිමේන්තුවේ තිබුණේ ජනවරමෙන් ලද ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.නමුත් එදා ලද ජනවරම අද නැති බවත් අද ඇත්තේ දේශපාලන විකෘතියක් බවත් පැවසූ ඒ මහතා ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කළ යුතු බව යැයි යැයිද පැවසීය. ජනතාව එලෙස ඉල්ලීම් කරද්දී රාජපක්ෂලා සමග එකතුවී ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා තමන් ක්‍රියා කළේ ජනතා මතයට අනුව බවයි අවධාරණය කළේ.
මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතාට එරෙහිව ගොනුකර තිබුණු නඩුවෙන් ඔවුන් දෙදෙනා අද (03) දිනයේදී නිදොස්කොට නිදහස් කෙරුණු අතර එම තීන්දුවෙන් නඩු ගාස්තු ද ඔවුන් වෙත ගෙවන ලෙස රජයට නියම කර ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක බව පවසමින් “රනිල් ෆේල්” යනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයිනුත් අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.
පසුගිය 09 වනදා ඇතිවූ කලබලකාරී තත්තවයේදී නිවාස විනාශවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාසවලින් තාවකාලික පදනම මත නිවාස වෙන්කර දීමට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද දිනයේදී යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසනවා.
Mano Ganesan condemns MP Wedaarachchi’s son, daughter-in-law over using obscenities against police. Tamil People’s Alliance (TPA) leader Mano Ganesan said he condemned the disgraceful words used and behaviour in the altercation involving opposition MP MP Dilip Wedaarachchi’s son and daughter-in-law with police officers. I request MP Wedaarachchi to provide necessary guidelines to his Son & Daughter-in-law to cooperate with the police,” he said in a Twitter message.
Page 155 of 551