විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
තවදුරටත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි රැඳී නොසිට දැන්වත් එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටී.
ඩලස් අලහප්පෙරුම මහතා වෙත ජන්දය දෙන බවට ප්‍රසිද්ධියේ කියා සිටි අය පවා එය සිදුකර නැති බවක් පෙනෙන්නට ඇති අතර රැවටීමකට ලක්වුණාද යන සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
ජනාධිපති ධුරය සඳහා පවතින ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇති බවට ඊයේ (19) දිනයේ සිට විවිධ මත පළ වුවත් මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවකින් ඒ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි කිසිවකු නොසිතූ තරම් ය. ඊයේ රාත්‍රිය වනවිටත් ආරංචි පැතිර තිබුණේ ඒ මහතා ඡන්ද 120ක් වැනි ප්‍රමාණයක් ලබාගනු ඇති බවට ය. එහෙත් ඡන්ද 134ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඒ මහතා අවසානයේ සමත් විය.
අග්‍රාමාත්‍ය ධූරය සඳහා හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේද කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාවී යන්න විශ්වාසය පළකරන අතර ජනතාවගේ ඉල්ලීමද එය වන හෙයින් සැමවිටම ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.
සිය පාර්ශවය විපක්ෂයේ රැඳී සිටියද රට ගොඩගැනීම සඳහා රජයට සහය දෙන බව සමගි ජන බලවේගය පවසනවා.
රට පවතින තත්ත්වය අනුව මෙය ගොඩදැමිය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවට අද ජනතාව පවා විශ්වාස කරන අතර තමන්ද එය විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
රට තුළ ඉකුත් සමයේ දේශපාලන අස්ථාවරභාවයක් පැවතුණේ ඇතැම් අරගලකරුවන් සිදුකළ ක්‍රියා හේතුවෙන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරය ද මේ වන විට හිස්ව පවතිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අග්‍රාමාත්‍ය ධූරය හෙඹවූවේ රනිල් වික්‍රසිංහ මහතායි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසයි.
Page 137 of 553