Monday, February 02, 2026
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට සූදානම් – TNA නායක සම්බන්ධන්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සම්බන්ධ වීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා මේ බව ඊයේ (01) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන දැන් සාකච්ඡා කෙරෙනවා. අපේ නායක ආර්. සම්බන්ධන් මහතා කිව්වා එහෙම සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා නම් ඊට සම්බන්ධ වෙන්න සූදානම් කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

LNW