පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වෙනවා. මහජන ආරක්ෂක පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය විවාද කර අද පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීමට නියමිතයි.
ජනතාව මුහුණ දෙන ගැටඑවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කෙරෙන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තුවේ නව සභා නායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අලුතෙන් පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සභා නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර පුරප්පාඩු වී තිබෙනවා. ඒ අනුව, එම ධූරයන් සඳහා නැවත පත්කිරීම් සිදු කළ යුතුයි.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝබර් මස 26 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට සමගි ජන බලවේගය සහ සමගි ජනබල සංධානයේ මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.
දැනට පිහිටුවා ඇති කැබිනට් මණ්ඩලය අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් බවත් ඉදිරි සති දෙක හෝ මාසය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ නව කැබිනට් මණ්ඩලයක් සකස් කෙරෙනු ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ චීන සමාගමකින් නැව් 8ක් මෙරටට ගෙන්වීම සහ විදෙස් සමාගමකට මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
The Aragalaya (struggle) has achieved only a partial victory as its slogan was not complete, National People's Power (NPP) leader Anura Kumara Dissanayake said yesterday.
රට නැවත ගොඩනැඟීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට සිය පක්ෂය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමරවීර දිසානායක පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ 25 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.
ඉදිරි සති දෙක තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන බවට මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර ගියත් එවන් ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා නව ජනාධිපතිවරයා සතු වැඩ පිළිවෙල කුමක්දැයි මෙතෙක් පැහැදිලි වී නොමැති බව සමඟි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ 25 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා.
තවත් සති දෙකකින් පමණ පසු යළි කැබිනට් සංශෝධනයක් සිදු විය හැකි බව දේශපාලන ආරංචි පවසනවා. එම සංශෝධනයේදී සමඟි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වුණේ.
Page 138 of 556