ආර්ථික අර්බුදය විසඳීමට නම් මෙරට පාලනය වෙනස් කළ යුතු බව ජාතික ජනබලවේගය පවසනවා. එහි විධායක කමිටු සාමාජික කේ ඩී ලාල් කාන්ත පැවසුවේ ඒ සඳහා පාලකයින් වෙනස් කිරීම ඵලක් නොවන බවයි.
අරගලකරුවන් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අනුගමනය කළේ නම් වත්මන් අද රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වය උදා නොවීමට ඉඩ තිබූ බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නම් අද තත්වයන් වෙනස් වන්නට ඉඩ තිබුණු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එහි නායකයින් කටයුතු කරමින් සිටියත් තමන්ව ජනතාව අතරින් ඉවත් කිරීමට ඔවුන්ට කිසිසේත්ම නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 වසරෙන් පසු දිගින් දිගටම ඉතාම මෝඩ තීරණ ගෙන ඇති බවත් උද්ධච්ඡකම නිසා එම මෝඩ තීරණ මත පිහිටා දිගටම කටයුතු කිරීමට යාමෙන් විශාල හානි කරගෙන ඇති බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ආසනයේ සමගි ජන බලවේගයේ බලමණ්ඩල රැස්වීම (10) පැවැත්විණි. අති විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර සමගි ජන බලවේගය බලවේගයේ නායකයින් රැසක් ද ඊට එක්ව සිටියහ.
රාජපක්ෂ පවුලේ බල දේශපාලනය අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණා නම් නාමල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඒ, ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහායි.
එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 69 ලක්ෂයක ජනවරමක් ලබාගත්තේ රනිල් වික්‍රමසිංහ නමැති බිල්ලා පෙන්වා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට හිමි රුපියල් ලක්ෂ 02 ක වෛද්‍ය රක්ෂණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුව ගෘහ්‍ය කාරක සභාව වෙත මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි අනාවරණය වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇතිවූ ගිවිසුම ඉදිරිපත් කිරීමට තමාගේ කිසිදු විරෝධයක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා තමන්ට දැනුම්දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.
මේ වනවිට සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 30 ක් දක්වා ඉහළ දැමීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. අලුතින් කැබිනට් තනතුරු හිමිවන බහුතරයක් පොදුජන පෙරමුණේ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.
Says President has appointed those responsible for economic crisis and 9 May attack on protestors
Claims President has reduced SLFP to its sign board
Asks Govt. to ask for support if needed instead of resorting to appointing unsuitable persons
ජනතාවට ජීවත් වීම සඳහා අවම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි පසුබිමක් තුළ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කිරීමෙන් රටේ වැය බර තවත් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී එල් පීරිස් පවසනවා. එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පස් දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් හිමිවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ඊයේ සිදු කෙරිණි. මේ වනවිටත් ඇමතිවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
අලුතින් පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සේවය කරන්නේ මන්ත්‍රී වැටුප ලබමින් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Page 115 of 551