Saturday, January 31, 2026
Follow Us
ජනතාවට කන්න නැත්නම් ඒ තත්වය උදාකරගෙන තියෙන්නේ ජනතාවමයි – පොහොට්ටු මන්ත්‍රී මධුර

මෙරට ජනතාවට ආහාර අර්බුදයක් මතුවී ඇත්නම් එම අවාසනාවන්ත තත්වය උදාකරගෙන ඇත්තේ ද මෙරට ජනතාව විසින්ම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

“අපේ රටේ කන්න නැහැ කියලා මහා පුදුම ගෝරනාඩුවක් පාර්ලිමේන්තුවෙත් තියෙනවා … මන්දපෝෂණය කියනවා … අපේ රටේ කන්න නෑ කියනවා නම් මිනිස්සු, ඒක මේ මහා අවාසනාවක්. මොකද ඒ අවාසනාව අපේ රටේ මිනිස්සු විසින්ම තමයි උදාකරගෙන තියෙන්නෙ. මොකද දේශපාලනඥයො නිලධාරීන්ට ඇඟිල්ල දික්කරනවා, නිලධාරීන් දේශපාලනඥයින්ට ඇඟිල්ල දික්කරනවා. ඒකෙ ප්‍රතිඵලය විදියට අපි අද මේ වනවිට ලෝකයේ කන්න නැති, හිඟමනට පත්වෙච්ච මහා ලැජ්ජාවට පත්වෙච්ච ජාතියක් බවට පත්වෙලා තියෙනවා”

මධුර විතානගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LNW