2024 පාර්ලිමේන්තු මැතිවරණයේ (නොවැම්බර 14) මේ වනවිට සියලුම අපේක්ෂකයින් මනාප ප්‍රකාශයට පත් කර තිබේ.
රටක ආර්ථික සමාජීය පරිවර්තනයක් ඇති කර ගැනීමට නම් මුලිකවම නීතියේ ආධිපත්‍යය අවශ්‍යය බව නව අධිකරණ ඇමති නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව ඊයේ (16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකදී පැවසීය.
දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනිමට තිරණය කල බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.
මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කළ බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත්, තමන් මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
තම දේශපාලන ගමනේදි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කලද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැදි සිටියේ තම ආසනයේ ජන්ද දායකයින් වෙනුවෙන් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.
පුනරුද යුගයක් ආරම්භ කිරීමට සහාය ලබා දුන් සැමට තම ස්තූතිය පිරිනමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිකර ගෙන තිබේ..
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දිනය පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගත්නා ලද නම්කළ නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ.
රී ලාංකේය දේශපාලන වංශ කථාවට නව පරිච්ඡේදයක් එක් කරමින් දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ඊයේ (14) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලෙස අවසන් විය.
ඡන්දපොළේ රැඳීසිටීමට අපේක්ෂකයින්ට අවසර නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මැතිවරණ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21 දින පෙරවරු 11.30ට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන බව මේ වන විටත් දැනුම්දී තිබේ.
මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඊට පසු එළැඹෙන නිහඬ කාල සීමාව තුළ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ (නොවැම්බර 14) මේ වනවිට සියලුම අපේක්ෂකයින් මනාප ප්‍රකාශයට පත් කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 8 වැනිදා ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සභාපතිවරයා ලෙසත්, වාගොඩ පතිරගේ සුමිත් චන්දන උප සභාපතිවරයා ලෙසත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් නම්කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා භාරදී තිබුණි.
ඉන් සමස්ත ඡන්ද 17,295ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ මන්ත්‍රී ධුර 15ක් හිමි කර ගනිමින්ය.
ඊට අමතරව දෙවැනි ස්ථානයට පත් වූ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක්, තෙවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්ද ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් හා ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් මන්ත්‍රී ධුර 6ක් හිමි විය.
Page 9 of 544