Friday, November 07, 2025
Follow Us
2026 අයවැය යෝජනාවෙන් රාජ්‍ය සේවකයින් ලැබෙන වාසි

රාජ්‍ය සේවකයින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර යෝජනා ක්‍රමයේ සෞඛ්‍ය ප්‍රතිලාභ ආවරණය පුළුල් කිරීමට 2026 අයවැයෙන් යෝජනා කර තිබෙන මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව 
රාජ්‍ය සේවකයින්ගේ පොලී රහිත උත්සව අත්තිකාරම් මුදල රු.15,000 දක්වා ඉහළට දැමීමටත්, රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය අත්තිකාරම් මුදල් කෙටි කාලයකින් බාධාවකින් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි රු. ලක්ෂ 4 දක්වා ලබා ගැනීමට රු. මිලියන 10,000 වෙන් කිරීමටත් යෝජනා කර තිබේ.එසේම දුෂ්කර සේවයේ නිරත ගුරුවරුන්ගේ දීමනා හා විදුහල්පති දීමනාව රු.1500කින් වැඩි කිරීමට යෝජනා කර තිබෙන අතර අනාරක්ෂික දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන්ගේ දීමනාව රු.15,000 දක්වා වැඩි කිරීමට රු.මි. 250ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කර තිබේ.

තාවකාලීක, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත බඳවා ගෙන සිටින සේවකයින් සඳහා විධිමත් පරිදි ස්ථීර පත්වීම් ලබාදීමට යෝජනා කර තිබේ.