Sunday, January 25, 2026
Follow Us
පාසල් වෑන් රථ සඳහා CCTV කැමරා පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදි පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(24)පාර්ලිමේන්තුවේදී ය. එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය. “විශේෂයෙන් අපි පාසල් වෑන් වලට අනිවාර්ය කරන්න යනවා CCTV. එතකොට දෙමාපියන්ට බලන්න පුළුවන් විදිහට. මේකට තියෙන එකම උත්තරය තමයි, ප්‍රධාන උත්තරය තමයි මගීන් ශක්තිමත් කරන එක.