Thursday, January 29, 2026
Follow Us
Political

උදේට ජනාධිපතිට විරුද්ධව "පොර ටෝක්"දෙන සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

Political

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Political

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

Political

 

සිංහල අලුත් අවුරුද්දෙන් පසු කාල සීමාවේදී දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

 

සිංහල අවුරුද්දෙන් පසු එළඹෙන සති දෙක මේ රට දේශපාලනය වශයෙන් ඉතාම තීරණාත්මක එකක් විය හැකි බවත් පිල් මාරුවීම්, ඇමැති මාරුවීම් ලබන 20- 30 ඇතුළත සිදු විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

තම කණ්ඩයාම කිසිම පාර්ශවයකට ගැතිවෙලා වැඩ කරන්න සූදානම් නැති බව පෙන්වා දුන් මහාචාර්ය ජයසුමන මහතා පක්ෂ විපක්ෂ කවුරුන් හෝ රටට යහපතක් වෙන තීරණයක් ගත්තොත් ඊට සහයවිමට සූදානම් බව සඳහන් කළේය.

Political

කොන්දේසි පහකට යටත්ව පෞද්ගලීකරණයට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී  පැවැසීය.

Political

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ(1) ප්‍රකාශ කර ඇත.

Political

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කර තිබේ.

Political

එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දින වලදී පැවැත්වීමට කටයුතු කරන බවත්,උසස් පෙළ පිළිතුරු පත් පරීක්ෂාව ප්‍රමාදවීම ඒ සඳහා බාධාවක් කර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(04 ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Political

ත්‍රස්තවාදය ජාතික ආරක්ෂාව හා ජනජීවිතය විනාශ කළ හැකි ක්‍රමයක් බැවින් එය වැළැක්වීමට රජය සූදානමින් සිටිය යුතු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

Political

පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී රැස්විය.

Political

සුළු අලුත්වැඩියාවන් සඳහා ඇති දුම්රිය මැදිරි ඉදිරි මාස 03ක පමණ කාලයේ දී අලුත්වැඩියා කර කඩිනමින් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

The government was harping only on selling government property, excluding the most important proposals made by the International Monetary Fund (IMF), Parliamentarian Patali Champika Ranawaka said yesterday.

Political

වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයන් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

Political

පාරිභෝගික අධිකාරිය සහ වෙළඳ අමාත්‍යංශය එක්ව වැඩි මිලට භාණ්ඩ විකුණන්නන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එම වැඩපිළිවෙළ අනිද්දා සිට දීප ව්‍යාප්තව ආරම්භ කරන බව වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය‍.

Political

අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් 19 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හමු වුණා.

Political

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායකවරයා නිවේදනය කරයි.

Political

අද (04) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

1. පනතේ වලංගුභාවය පිළිබද කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි
වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන ගණකාධිකාරීවරයාම අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කිරීමේ වලංගුභාවය පිළිබඳව ද ඒ තුළින් ලැදියාව පිළිබඳ ගැටුමක් ඇති වීම පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරිණි. එවැනි කරුණු අධීක්ෂණය කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නොමැති වීම පිළිබඳව ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමුවිය.