Wednesday, January 28, 2026
Follow Us
පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධියට නීතියෙන් පිටින් කිසිවක් සිදු කිරීමට ඉඩක් නැහැ

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ, එම මරණය සැක සහිත බවත්, එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කිය.


" මනෝ ගනේෂන් මන්ත්‍රීතුමනි, ඔබතුමා නගපු කාරණය අපි දුරකතනයෙන් දැනුම් දුන්නා. නීතියට පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නෑ. ඔබතුමාගේ කරුණු ටික යවලා තියෙන්නේ අවශ්‍ය කටයුතුවලට "