Wednesday, January 28, 2026
Follow Us
ජනක ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත විය.

අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා උක්ත යෝජනාව සම්බන්ධව විවාදය පැවති අතර එහි අවසානයේදී පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 77 ක් පමණි.