ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2023 මැයි 08 දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දැනට ඉදිරිපත්ව ඇති "ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත" වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (09) ලිපියක් භාර දුන්හ.
ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (6) ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති වෙසක් උත්සවයකට සහභාගිවෙමින් පැවසුවාය.
අද (11) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 06.00 දක්වා “එක්ස්ප්‍රස් පර්ල් ව්යසනය” පිළිබඳ කල් තැබීමේ විවාදය දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතය.
අද (09) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට වසරකට පෙර අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් පොළොන්නරුවේ වැඩසටහන් සංවිධානය කර තිබිණි.
යුරෝපයේ හා ජපානයේ මාළු ඉල්ලුම සපුරාලමින් මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ස්ථාවර ආයෝජන ප්‍රතිපත්තියක් සහ ඒකාබද්ධ ආයෝජන නීතියක් හඳුන්වාදීමට විශේෂඥ දැනුමෙන් සපිරි කමිටුවක් පත් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය.
මෙරට අධිකරණය පිළිබඳ විශ්වාසයක් නොමැතිව, සිංගප්පූරු අධිකරණයේ එක්ස්ප්‍රස් පර්ල් නඩුව පැවරුවා යැයි කරනු ලබන ප්‍රකාශය රටට එරෙහිව කරන දේශද්‍රෝහී ප්‍රකාශයක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
සිය දිවි දෙවෙනිකොට රාජකාරි කරන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බවත්, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහබැංකුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම ලබන 11 වැනිදා
· පාර්ලිමේන්තුව ලබන 9 සිට 12 දක්වා රැස්වෙයි
· ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය 10 වැනිදා
· නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 12 වැනිදා විවාදයට
Page 67 of 553