පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් තීරණය කර තිබේ.
රට ආරක්ෂා කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් සම්මත කර ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට (20) පැවැත්වීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට පෙර ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා වන පනතක් රටේ ක්‍රියාත්මක වූ බවත් තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ එම පනත නිසා බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමාවෙන් තරුණයින් අසහනයට පත් කර එම අසහනයට පත් තරුණයින්, අන්තවාදී දේශපාලන වුවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රයත්නයක් බුද්ධි අංශ වාර්තාවලින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
රට ගොඩගැනීමට නම් සියලු සංවිධාන එක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ පත්වූහ .
විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් සකස් කිරීමට සහ විද්‍යුත් විකාශන ආයතන සඳහා තිපත්ති සකස් කිරීම වෙනුවෙන් පත් කර ඇති අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ඊයේ (18) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
රටට අවශ්‍ය වන්නේ ජාතික ආණ්ඩුවක් නොව ජාතික වැඩපිළිවෙළක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
මිනිස්සු ජීවත් කරවීමට, සිස්ටම් එක චේන්ජ් කිරීමට අපිට කලබලයක් තිබූ බවත්, ජනතාව රවටන පටු දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකිවීම නිසා තවත් පිරිසක් කලබල වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
තරුණයන් අපේක්ෂා කළ වෙනස වසරක් ගත වුවද මෙතෙක් සිදු වී නැති බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළ අතර විවිධ නායකයින් මේ රට හැදුවා බව ද ඇය ප්‍රකාශ කළාය.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය .
" සමහරු රට විනාශ කළා. මේ සියල්ල බලන කොට අපි ඉදිරියට ගිහිල්ලා නැහැ. මම නම් ලැජ්ජා වෙනවා. අපි ගොඩාක් ඉදිරියෙන් හිටියේ. නිදහස ලැබෙන වේලාවේ අපිට වැඩිය ගොඩාක් පිටුපසින් හිටිය රටවල් අද කොතැනද සිටින්නේ. අපි කොතැනද සිටින්නේ . අපේ තරුණ ප්‍රජාව අපිට රැඩිකල් වෙනසක් අවශ්‍ය කියලා මහා සටනක් ආරම්භ කළා දැන් අවුරුද්දකට පෙර. ඒ් සටහන පුදුමාකාර විදියට සාර්ථකත්වයක් ලැබුවා. රජය ගෙදර යා යුතුයි කිව්වා.ගෙදර යැව්වා. ඊට පස්සේ වෙනසක් අවශ්‍ය කිව්වා. ඒක සිද්ධ වෙලා නැහැ. අවුරුද්දක් තුළ ඒ් රැඩිකල් වෙනස සිද්ධ වෙලා නැහැ."
පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වනදා සිදුකළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් ප්‍රකාශ කර ඇත.
2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Page 67 of 551