Sunday, May 17, 2026
Follow Us
සබරගමුව ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ අනුව, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ, 2023 ජූනි 10 වැනිදා සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 සැප්තැම්බර් 18 වැනිදා ටිකිරි කොබ්බෑකඩුව මහතාව සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබ තිබිණි.

Dinamina