පසුගියදා දිවයින පුරා සිදුකරන ලද හදිසි වැටලීම් සහ විමර්ශන වලින් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වල දෛනිකව සිදුවන මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට හැකි වූ බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අස්වැසුම වැඩසටහන සඳහා අඩු අදයම්ලාභින් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කිරීම අනිවාර්යයෙන් ම සිදුකරන බවත්, අඩු ආදායම්ලාභී සහ විවිධ රෝගවලට ගොදුරු වූ අය කිසිලෙසකින් ඉවත් නොකරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
MOP පොහොරවල (බණ්ඩි පොහොර) කිසිඳු හිඟයක් නොමැති බවත් එසේ හිඟයක් පවතිනවා නම් දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. MOP පොහොර හිඟයක් සම්බන්ධව අද (20) පාර්ලිමේන්තුවේදී පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
නොරොච්චෝලේ බලාගාරය විදෙස් සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු සූදානමක් නැතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දීර්ඝකාලීනව මේ රටේ පවතින අලිමිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සකස් කරමින් පවතින බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහය දැක්වීමට ආණ්ඩුවේ බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත අද (20) සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
2019 වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක් වැයකොට උසස්පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදීගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පලදායී ආකාරයෙන් යොදවා නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය තිබේ.
අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත හැකි හොඳ දේ දිනාගන්නට පක්ෂ පාට භේදයෙන් තොරව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක්වෙමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට යෝජනාවක් කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවිය.
අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අද (20) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
"අස්වැසුම” සුබසාධක වැඩසටහන දේශපාලනීකරණය කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමටත් ගැටලුවක් වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරේ
Page 62 of 554