Friday, July 10, 2026
Follow Us
Political

පළාත් පාලන ආයතනවල සේවකයින් ක්‍රමයෙන් ස්ථිර කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Political

ර‍ට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය සඳහා ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවට නිවේදන කළේය.

Political

මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අද සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත වූ අතර ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Political

බාහිර බලපෑම් වලින් සහ කුහක දේශපාලන අරමුණුවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සංශෝධන සහිතව අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.

Political

“මේ රට නිවැරදි තැනකට ගේනවා නම්, මේ රට සංවර්ධනය කෙරෙමින් ඉදිරියට එනවා නම් ඒකට හරස් වෙන අය මොන දේශපාලන පක්ෂයක්ද? රටේ දියුණුවට, රටේ ඉදිරි ගමනට විරුද්ධ වෙනවා නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාවගේ සාපය ලැබේවි.” යැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවැසීය.

Political

රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ නොදී  දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ විරුද්ධ පක්ෂය සහ ඇතැම් කණ්ඩායම් හැසිරුණු ආකාරය පිළිබඳව ජාතියක් ලෙස කණගාටුවට පත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

Political

• ජූලි 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ

• “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ කල් තැබීමේ විවාදය ජූලි 5 වැනිදා

• දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් ජූලි 6 වැනිදා

Political

මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙන ගැටලුකාරීත්වයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Political

ණය යෝජනාවෙන් අර්ථසාධක හා භාරකාර අරමුදල්වල සේවක මුදල් වලට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

Political

රටක් හැටියට ගත් තීරණ නිසා යම් ස්ථාවර මට්ටමක සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදෙන්නටත් ජනතාවට සහන ලබාදෙන්නත් හැකි වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Political

එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දෙයි.

Political

ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා හොඳ විකල්පයක් තිබෙනම් ඉදිරිපත් කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ක්‍රමානුකූල මාර්ග සිතියම නිසා බංකොලොත් වූ ආසියානු රටවල් අතුරින් වේගයෙන් නැගීසිටීමට ශ්‍රී ලංකාවට හැකි වු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනතට සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) සිය සහතිකය සටහන් කළේය.

Political

ඇතැම් සමෘද්ධි නිලධාරින්ම අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ කඩා කප්පල් කරන්න කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Political

පාර්ලිමේන්තුව අද (01) පෙ.ව 09.30 ට රැස්විය.

Political

"අස්වැසුම ව්‍යාපෘතියට කිසිම කෙනෙක් බය වෙන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න නිසා කවුරුවත් බොරුවට දඟලන්න වුවමනා නෑ. සුදුසුකම් තිබෙන සියලු දෙනාටම අස්වැසුම දෙනවා" යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.