ඒ මහතා අද (13) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිය ධුරයෙහි දිවුරුම් දුන්නේය.
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු නීර්ණය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් අමාත්‍ය මණ්ඩලය පත් කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරපාල ද සිල්වා මහතා, සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා යන අමාත්‍යවරු කමිටු සාමාජිකයෝ වෙති.
එම අනු කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් නීතිමය රාමුවක් කෙටුම්පත් කර ඇති අතර එම කෙටුම්පත විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධව සලකා බලා පොදු එකඟතාවයකට පැමිණ අවසාන කෙටුම්පත සකස් කළ යුතු බවට තීරණය විය.
එම අවසාන කෙටුම්පත සකස් කිරීමට අදාළ අදහස් යෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන් ගේ සංගමයේ සාමාජිකත්වය දරන සහ නොදරන රූපවාහිනී සහ ගුවන්විදුලි යන සියලුම මාධ්‍ය ආයතනය නියෝජනය වන පරිදි සියළුම විද්‍යුත් නාලිකා සාමාජිකයන් සමග සාකච්ඡාවක් 2023 ජුනි මස 07 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාමර අංක 08හි පවත්වන්නට කටයුතු සංවිධානය කෙරුණි.
එම සාකච්ඡාවේ දී අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයන් ගේ අදහස් හා යෝජනා හුවමාරු කරගන්නා ලදි. එහෙත් එම සාකච්ඡාවේ දී ඔවුන් විසින් ඉල්ලා සිටියේ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අදාළ කෙටුම්පතෙහි සිංහල පිටපතක් ද ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට අනුව සිංහල පිටපතක් ලබා දීමට, විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනත්, කෙටුම්පත් කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව එකඟ විය. අනතුරුව විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් පවසන ලද්දේ පනත් කෙටුම්පත පිළිබඳව වැඩිදුර සොයාබලා පුළුල් අධ්‍යයනයක් සිදුකොට, විකාශන අධිකාරී අවසන් කෙටුම්පත සකස් කිරීමට අදහස් හා යෝජනා ලිඛිතව ලබාදීම සඳහා තවත් සීමිත කාලයක් අවශ්‍ය බවයි.
දේශපාලනයට පිවිසෙන සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවත්, පළාත් පාලන මැතිවරණ නාමයෝජනා භාර ගැනීමේ දී එය ආරම්භ කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මුල්ලේරියාව නැගෙනහිර කොලඹ මූලික රෝහලේ සිට පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒ යටතේ ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ නව බස් රථ ධාවනයට එක් කිරීම සිදුවිය.
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රථගාල් ගාස්තු අයකිරීමට කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන 38 කින් 2021 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු හිඟ ගාස්තුව රු. මිලියන 265.50 ක් බව වාර්තා වී තිබේ.
කොළඹ නගරයේ ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව සමඟ ඇති සම්බන්ධීකරණය වැඩි කිරීමට අවධානය විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳ අවධානය ඉඩම් ලේඛන විධිමත්ව පවත්වාගෙන නොයාමේ ගැටලු පිළිබඳ අවධානය බස්නාහිර මහා නගරසභා කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී (කෝපා) අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.
මෙහි දී 2021 වර්ෂයේ මුලු හිග ආදායම රු. මිලියන 5,835.6 ක් බවද, 2020 වර්ෂයේ රු. මිලියන 5,386.4 ක් බවද, 2019 වර්ෂයේ 4,481.5 බව ද අනාවරණය විය.
මෙහි දී වරිපනම් බදු, කුලී සහ වෙනත් බදු වශයෙන් මෙම හිඟ මුදල් පවතින බව හදුනා ගැණුනි.
මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ හිග බදු පවතින දේපල අත්පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
එසේම ඇතැම් දේපල වල හිමිකරුවන් හඳුනාගැනීම සමිබන්ධයෙන් ගැටලු පවතින බවත්, මහා නගර සභාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින නිලධාරීන් හිගවීමත් මෙම හිග මුදල් අයකරගැනීමේදී ගැටලු ලෙස මතුවී ඇති බවයි.
පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරීම් සඳහා ද වරිපනම් අංක ලබාදී ඇති බවයි.
පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම් විසින් පත් කරන ලද කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “දූෂණ විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
වගාවට හානි කර සතුන් පාලනය කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කෘෂිකර්ම අමාත්‍යංශය සහාය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
'‘වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම’' සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ගෙනා යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට,වාර්ෂිකව රුපියල් මිලියන 20,000ක පමණ හානියක් මෙම වන සතුන් නිසා වගාවට සිදු වෙන බවයි.
මෙරට මිලියන 3කට ආසන්න රිළා ගහනයක් සිටිනවා. මිනිසුන් ගම්බිම් අතහැර දමා යන ත්වවයට පත් වී තිබෙනවා. මෙයින් පීඩාවට පත් වෙච්ච මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඒ වෙනුවෙන් විශාල හඩක් නගන්න ඔවුන්ට බැහැ.
මෙම සතුන් පාලනය කරන්න ජාත්‍යන්තර ක්‍රමවේදයක් හෝ අනුගමනය කරමින් මෙම සතුන් පාලනය කරන ලෙසත් ඒ වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
2022 වසරේ මුල් මාස හය තුළ පමණක් තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක පොල් මෙට්ට්‍රික් ටෙන් 145,000 එනම්, පොල්ගෙඩි මිලියන 93ක් වන සතුන් නිසා හානි වී තිබෙන බවයි. සමස්ථයක් වශයෙන් ගත් කළ පොල් පමණක් මිලියන 200කට වැඩි ප්‍රමාණයක් රිළවුන් සහ දඩු ලේනුන් නිසා හානි වී තිබේ.
වන සතුන්ගෙන් වන හානිය වළක්වා ගත්තා නම් නැවත වගා නොකළත් මෙම ප්‍රමාණය මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
අද වන විට නාගරික ප්‍ර දේශ වලටත් මෙම සතුන් පැමිණෙනවා.නිවෙස් වල සිටින දරුවන් පවා මෙම සතුන් සපා කන අවස්ථා තිබෙනවා.මේ සම්බන්ධයෙන් වාර ගණනක් පාර්ලිමේන්තුව තුළ කතා කර තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයෙන් මේ පිළිබඳ වාර්තා සකස් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල දෙවන වාර්තාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට ඊයේ (06) පිළිගැන්විණි.
ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
විවිධ නීතිමය කරුණු හේතුවෙන් රේගුවේ රඳවා තැබෙන භාණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ඇපකර මත මුදා හැරිය හැකි වන පරිදි රේගු පනත සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
Page 61 of 551