Friday, July 10, 2026
Follow Us
බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්මතයි

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද  (21) සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පෙ.ව. 10.30 සිට ප.ව. 4.45 දක්වා පැවැත්විණි.

ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එකතු කර පනත් කෙටුම්පත සම්මත කරන ලදී.