නීත්‍යනුකුල වාහන හිමියන්ට සිය QR කේතය ලබා ගැනීමට නොහැකි වන ලෙසට නීතිවිරෝධී ආකාරයෙන් එම QR කේත ලබාගෙන අවභාවිතා කළ ජංගම දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(22) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
එවැනි නිත්‍යානුකූල නොවන පරිදි QR කේතය භාවිත කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් එවැනි පුද්ගලයින් පිළිබඳව දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.