ඉන්ධන හා බලශක්තිය පරිභෝජනය අවම කිරීමට කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම ඉල්ලීම සිදු කළ අතර රජය ද එම ආදර්ශය ලබා දෙමින් කටයුතු කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද සඳහන් කළේය.
මේ වනවිටත් බදාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර අනෙකුත් දිනයන්හි රාජකාරී බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් රාජකාරී සඳහා කැඳවීමටත්, තනි වාහන භාවිතය වෙනුවට පොකුරු ක්‍රමයට වාහන භාවිතය සිදු කිරීමටත් උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නිවෙස්වල වුවද විදුලිය අවම ලෙස භාවිත කරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා වීදි ලාම්පු පවා නිවා දැමීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.