මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්රවාහනය දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ඉන්ධන මිල ඉහළ යාමත් සහ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණ කිරීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවය.
ඒ අනුව මේ වන විට දිවයින පුරා පිහිටි තැපැල් හුවමාරු කිරීම් දිනක් හැර දිනක් සිදු කිරීමටත් සෑම බදාදා දිනකම තැපැල් ප්රවාහනය නතර කිරීමටත් තැපැල් පරිපාලනය විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් තැපැල් ප්රවාහන කටයුතු මේ අයුරින් සිදුවන බැවින් තැපැල් ප්රවාහනයේ යම් ප්රමාදයක් සිදුවිය හැකි බවද වාර්තා වෙයි
කෙසේ වෙතත් තැපැල් කාර්යාල විවෘත කිරීම බදාදා සහ ඉරිදා දින හැර අන් සෑම දිනයකදීම සිදු වේ.