Saturday, March 21, 2026
Follow Us
රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළෙඳ ගනුදෙනු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

රී ලංකාව සහ බ්‍රසීලය අතර දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීම ඊයේ (20) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

එහිදී දෙරට අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, 2030 වසර වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීල විදේශ අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් කලාපීය ලේකම් තානාපති සූසන් ක්ලීබෑන්ක් යන මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් පැවැති මෙම සාකච්ඡා මගින් 2022 වසරේ සිට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කෙරුණි.

ආරක්ෂක, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම් මර්දනය, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව යන ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට මෙහිදී තීරණය කර ඇත.

එසේම බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනයේ දායකත්වයෙන් කිරි පට්ටි පාලනය සහ උක් වගාව ආශ්‍රිත තාක්ෂණික ව්‍යාපෘති සඳහා ඉදිරියේදී අත්සන් තැබීමට ද දෙරටම සූදානමින් සිටී.

මෙම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි බ්‍රසීල සංචාරය පිළිබඳව ද මූලික සැලසුම් සාකච්ඡා වී ඇති අතර, දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් යළි පණ ගැන්වීමට ද එකඟ වී තිබේ.