Sunday, March 22, 2026
Follow Us
බහලූම් ප්‍රවාහන ගාස්තු 20% කින් ඉහළට

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහලූම් ප්‍රවාහන ගාස්තු 20% කින් ඉහළ දැමීමට සිදුවන බව බහලුම් ප්‍රවාහනය රථ හිමිකරුවන්ගේ සංගමය සදහන් කරයි.

ඉන්ධන මිල වැඩිවීමත් අමතර කොටස්, ලිහිසි තෙල්, බැටරි මිල ඉහළ යෑම හා සේවකයන්ගේ දීමනා ලබාදීම ඉලක්ක කරගෙන මෙලෙස ගාස්තු වැඩි කිරීමට නියමිත බවයි බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය.

එළඹෙන උත්සව සමයේ ප්‍රමාදයකින් තොරව ආනයනික භාණ්ඩ ජනතාව අතට පත්කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා මෙම ගණන් වැඩි කිරීම අනිවාර්ය බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.