රජයේ ක්‍රියාත්මක වන QR කේත ක්‍රමය හා වාහන අංකය (ඔත්තේ/ඉරට්ටේ) අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුවන බැවින් ඉන්ධන පිරවුම්හල් අසළ වාහන පෝලිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් හෙට (23) පෙ.ව.6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී කොළඹ මහා නගර සභාව තීරණය කර තිබේ.
කොළඹ මහා නගර සභාව තිරණය කළ පරිදි ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලිම් සහ ඒ අවට ඇති වූ වාහන පෝලිම් හේතුවෙන් නැවතුම් ස්ථානවලට සිදු වූ බලපෑම් නිසාද ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට සහනයක් ලෙස ද රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම 2026.03.18 දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවූ බව කොළඹ මහ නගර සභා නාගරික කොමසාරිස් වැඩිදුරටත් සඳහන් කරයි.