ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
චෙන් චෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ
ශ්‍රී ලංකාවේ ඉහළ නංවාලිය යුතු අංශයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ අංශය දැක්විය හැකිය
අප්‍රේල් මාසය නිමා වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 8681 දෙනකුට ණය මුදල් පිරිනමා ඇත
ශ්‍රී ලංකාවේ අභියෝගයකට ලක්ව තිබූ “ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම” ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කර ගැනීමේ දෙසට නිවැරැදි මාවතේ ගමන් කරමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට සිටින නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ මහාමාර්ග, විදුලිය, ජලසම්පාදනය, තොරතුරු තාක්ෂණය, යටිතල පහසුකම්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනේ ශීඝ්‍ර දියුණුවක් ඇති කර ගැනීමට වසර පනහකට අධික කාලයක් තිස්සේ සහයෝගය සහ අතදීම් ලබා දෙන ආසියානු සංවර්ධන බැංකුවේ මෑතකාලයේ මෙරට ව්‍යවසායකත්වය ගොඩ නැඟීම උදෙසා දැක්වූ දායකත්වය සැකෙවින් පැහැදිලි කරමින් නේවාසික අධ්‍යක්ෂවරයා එසේ කියා සිටියි.
මේ ඔහු ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබා දී ඇති මූල්‍ය පහසුකමේ වැදගත්කම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ගමන්මග පිළිබඳව දැක්වූ අදහස් සමුදායයි.
වසර 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙරට ආර්ථිකයට පමණක් නොව සමාජ දේශපාලන සහ සියලු ක්ෂේත්‍රවලට අහිතකර බලපෑම් එල්ල කළේය. එය තවදුරටත් තීව්‍ර කරමින් වසර 2020 මාර්තු මාසයේ කොවිඩ් ව්‍යවසනයෙන් බැටකෑමට සිදුවීම නිසා මෙරටට මුහුණදීමට සිදු වූ අභියෝග විශාලය. එවන් පරිසරයක ඉන්ධන, ගෑස්, බෙහෙත් සහ අනෙකුත් මහජන අවශ්‍යතා සපුරා ගැනීමේ, භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ දුෂ්කරතාවයකට මෙරටට මුහුණදීමට සිදු විය. කෙසේ නමුත් දැඩි අභියෝගාත්මක පරිසරයක පවා යම් මට්ටමක සාධනීය ආර්ථික ගමනකට මේ වන විට මෙරට ප්‍රවේශ වී සිටින බව කිව හැකිය.
එහිදී ආසියානු සංවර්ධන බැංකුව ලෙස අප ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගයන් වැඩි වැඩියෙන් සිදුකරලීමට සැලසුම් කරමින් සිටියි. ඊට අමතරව පසුගිය කාලයේ විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ දියුණුවට කළ මෙහෙවර මේ වන විට පලදරමින් සිටින බවක් දක්නට ලැබේ.
ඒ පිළිබඳව වගකිව යුතු ජනමාධ්‍යයක් ලෙස කොළඹ නොසිට ව්‍යවසායකත්වය දියුණු කර ගත් පිරිසක් හමු වී සැබෑ තොරතුරු දැක බලාගැනීමට මාධ්‍යයන්ට ඉඩකඩ ලබාදීමක් යටතේ දකුණේ නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කොට ඇත. ඊට එක්වන ඔබට අප ලබා දුන් ආර්ථික සහයෝගයන් භාවිත කොට ඉදිරියට ආ ව්‍යවසායකයන්ගේ කතාන්දර ජාතියට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද උදා වී ඇත.
මේ අවස්ථාවේ ආසියානු සංවර්ධන බැංකුවේ අපත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව නැවත ස්ථාවර වීම සඳහා උත්සාහ දරමින් සිටින බව කිව හැකිය. ශ්‍රී ලංකාව නිවැරැදි මාර්ගයට ප්‍රවේශ වී ඇත. ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අනිවාර්යෙන්ම ඉහළ නංවාලිය යුතු අංශයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ අංශය දැක්විය හැකිය. එහි දියුණුවක් ඇති කර ගැනීම සඳහා අප බැංකුව මූල්‍ය පහසුකම් සපයනු ලැබේ. ඒවායෙන් ප්‍රයෝජන ලබා ගනිමින් ඉදිරියට ආ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ බොහෝ පිරිසක් සිටිති. ඉන් නොනැවතී ඔවුන් තවදුරටත් ඉදිරියට ගෙන යෑම කළ යුතුයි. ඔවුන්ගේ නිපැයුම්වලට අපනයන තත්ත්වයේ සහ අපනයන වෙළෙඳපොළ ලබා දීමට කටයුතු කළ යුතුය.
අප ඒ සඳහා ලබා දුන් දායකත්වය පිළිබඳ මදක් කතා කරමු.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනය සඳහා ගත වූ වසර හතක කාලය තුළ ( 2016 සිට 2023) අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 340ක මුදලක් මෙරටට ලබා දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය (2019), කොවිඩ් වසංගතය (2020) වැනි මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ සිදුවීම් සිදුවන්නට පෙරාතුව රටේ ආර්ථිකයේ කොඳුනාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ දියුණුව සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙලෙස මූල්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි දියුණුව සඳහා විශාල දායකත්වයක් ලබා දෙන සුළු හා මධ්‍ය පරිමාණ අංශය මෙරට රැකියා නියුක්තියෙන් 45%ක්, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාතික නිමැවුමට 52%ක් දායකත්වයක් සහ අපනයන ප්‍රමාණයන්ගෙන් 20%ක දායකත්වයක් ලබා දෙන බව නොරහසකි.
ඒ අනුව එවන් විශාල වටිනාකමකින් යුතු අංශයක් දියුණු කිරීම සඳහා වසර 2016දී ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත.
ඒ අනුව වසර 2016දී මුදල් අමාත්‍යාංශයේ, සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂිත සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතන 13ක් හරහා මෙම ණය මුදල් සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යවසායකයන්ට ලබා දීමට කටයුතු යොදා තිබිණි.
මුල් අදියරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් ද, දෙවැනි අදියරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක් ද, කොවිඩ් ව්‍යසනයෙන් පසු එක්සත් ජනපද ඩොලර් මිලියන 165ක් ද මෙරටට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කොට ඇත. ඒ අනුව වසර 2016 සිට මේ දක්වා මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 340ක් ලබා දීමට කටයුතු කර ඇත.
මේ අතරින් කාරක ප්‍රාග්ධනය ලෙස ව්‍යවසාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විශේෂ සැලකිල්ලකින් ණය පහසුකම් සපයන මූල්‍ය ආයතන හරහා ලබා දී තිබේ. එහිදී ඩොලර් මිලියන 165ක මුදලින් දැනට පිරිනමා නැති මුදල ඩොලර් මිලියන 20.5ක් බව පවසන ආසියානු සංවර්ධන බැංකුව එම මුදල් ද කඩිනමින් රට පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දෙන්නැයි බැංකුවලින් ඉල්ලීමක් කොට ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අංශයේ විශේෂඥ උරේෂා වල්පිටිගම මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය දියුණු කරන අතර, එහිදී විශේෂය කාන්තා ව්‍යවසායකත්වයන් ගොඩනැගීම සඳහා තම බැංකුව මූලික අවධානයක් පමණක් නොව ප්‍රමුඛ ස්ථානයක් යොමු කොට ඇතැයි කීවාය.
ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, සණස බැංකුව සහ යුනියන් බැංකුව යන මූල්‍ය ආයතන හරහා මෙම පහසුකම් ලබා ගැනීමට නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉඩ කඩ සලසා දී ඇත.
ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසය නිමා වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 8681 දෙනකුට මෙම ණය යෝජනා ක්‍රමවලින් ණය මුදල් පිරිනමා ඇත. ඒ අතුරින් 1154 දෙනකු කාන්තා ව්‍යවසායකයින් වීම ද විශේෂත්වයකි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමට මූල්‍ය පහසුකම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මුදලක් ලබා දී ඇත. එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි සහ සාමාන්‍යාධිකාරී පී. සුමේධ එදිරිසූරිය මහතා සඳහන් කළේ මුදල් ලබා ගෙන බැංකුවේ ණය පහසුකම් ඉල්ලා සිටි ගනුදෙනුකරුවන්ට කඩිනමින් ඒවා පිරිනැමූ බවයි. ඉදිරියේදීද තවත් ව්‍යවසායකයින් පිරිසකට මුල්‍ය පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.කේ. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයන් යොදා ගෙන කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ව්‍යවසායන් නඟාසිටුවීමට කාරක ප්‍රාග්ධන සැපයීමට පියවර ගත් බවය.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඩී.එස්. ප්‍රියංකර මහතා ද ණය පහසුකම් ලබා ගැනීමේ ඇති වැදගත්කම මාධ්‍යයට පැහැදිලි කළේය.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගාල්ල කරන්දෙණිය ශාඛාව මඟින් අමුද්‍රව්‍යයක් ලෙස කුරුඳු එක්රැස් කරමින් තරමක් අගය එකතුකොට මහා පරිමාණ නිමැවුම්කරුවකුට ඒවා ලබා දීමට කටයුතු කරන කරන්දෙණිය ප්‍රදීප් ප්‍රේමරත්න මහතාට රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ලබා දී තිබේ. එම මුදල යොදා ගෙන ඉදිරියට ආ ඔහුගේ ව්‍යවසායකත්ව හැකියාව නිසා මේ වන විට ඔහු යටතේ සේවකයන් හයදෙනකු සේවයෙහි යෙදී ඇත. ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළට එසවී ඇති බව එහි ගිය අපට දැක ගත හැකි විය.
මේ වන විට ලොව පුරා දැඩි ඉල්ලුමක් පවතින කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන අම්බලන්ගොඩ එම්.සී. එන්ටප්‍රයිසස්හි කළමනාකාර අධ්‍යක්ෂ එම්.සී. ද සොයිසා මහතාගේ කර්මාන්තය නැරඹීමට ද අපට අවස්ථාවක් උදා විය. ඔහු සෙලාන් බැංකුවෙන් රුපියල් මිලියන දහයක මුදලක් ලබා ගෙන අගය එකතු කොට ඩොලර් ආදායම මෙරටට ගෙන්වන පරිද්දෙන් සාර්ථක ව්‍යවසායකත්වයක් පවත්වාගෙන යයි.
ගාල්ල කරාපිටිය නේචර් හීලින් ආයුර්වේද පෞද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සුපුලී කරුණාරත්න මහත්මිය දිරියෙන් ව්‍යවසායකත්වය ගොඩනඟමින් කාන්තාවන් රැසකට රැකියා අවස්ථා ලබා දෙමින් රටට විදේශ විනිමය උපයන ව්‍යාපෘතිය නැරඹීමටද අපට හැකි විය. එය ලංකා බැංකුවෙන් කරාපිටිය ශාඛාවෙන් ලබා දුන් ව්‍යවසායකත්වය දියුණු කරන ණය මුදලකි.
මීට අමතරව ගාල්ල මාරකන්ද තේ කර්මාන්ත ශාලාවද කාරක ප්‍රාග්ධනය ලබාදීම යටතේ දියුණුවෙන් දියුණුවට පත් වූ ව්‍යාපෘතියක් බව අපට දැක ගත හැකි විය. ඒ සඳහා මූල්‍ය ප්‍රදානය ලබා දී තිබෙනුයේ ගාල්ල ඩීඑෆ්සීසී බැංකුවයි. එය පහතරට කළු තේ විදේශ වෙළෙඳපොළට යොමු කරමින් මහා පරිමාණයෙන් ඩොලර් ගෙන ඒමට ඉදිරියේදී ක්‍රියාකරන බව සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනුර සිල්වා මහතා කීය.
පාරිභෝගික ජනතාවට වඩාත් සාධාරණ මිලකට ප්‍රමිතියෙන් ඉහළ කුළුබඩු සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන ගාල්ල තල්ගම්පොළ තුනපහ කර්මාන්ත ශාලාව නැරඹීමට ද අපට හැකි විය.
එහි හිමිකාරිය වනුයේ ඕ.එම්. චාන්දනී සමන්ති මහත්මියයි. ඇය සිය ස්වාමිපුරුෂයා වන අනුර ප්‍රියදර්ශනගේ ආශිර්වාදය හා මඟපෙන්වීම යටතේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ආ දිරිමත් ව්‍යවසායිකාවකි. ඉදිරියේදී තම කර්මාන්තකරණය දකුණු පළාතට පමණක් සීමා නොවී සබරගමුවට හා බස්නාහිරට නුදුරේදීම ව්‍යාප්ත කිරීමට අදහස් කරමින් සිටියි. ඉන් නොනැවතී උතුරු නැගෙනහිර පළාතට ද තුනපහ බෙදාහැරීමේ ව්‍යාපාරයක් රැගෙන යාමට ඔවුන් අදහස් කරගෙන ඇත.
සාර්ථක ව්‍යවසායකයකු වීමට නම් උනන්දුව, කැපවීම, ඉලක්කයක් හඹා යෑම සහ අප්‍රතිහත ධෛර්ය තිබිය යුතු බව ආදර්ශයක් ලෙස සමාජයට පෙන්වන මෙවන් ව්‍යවසායකයින් ගොඩනැගීම ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් ලබා දීමේ වැඩසටහන්වල ඉලක්කය හා අරමුණ වී ඇත. අතීතයේ ජීවත් වූවාට වඩා යහපත් සහ සෞභාග්‍යය ළඟා කර ගත් ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පරපුරක් බිහිවනු දැකීම ආසියානු සංවර්ධන බැංකුවේ අපේක්ෂාවයි.
එම අපේක්ෂාව, බලාපොරොත්තු ඉටුවන බව අපට පසක් වූයේ ගාල්ල දිස්ත්‍රික්කය පාදක කොටගෙන ගොඩනැගුණු ව්‍යවසායන් සහ දිරිමත් මිනිසුන් දැක බලා ගැනීමට එහි ගිය ගමනේදීය.
එවන් දිරිමත් පිරිසක් ගාල්ලට සීමා නොකොට ජාතික මට්ටම අභිභවා ජාත්‍යන්තරය දිනා ගන්නා තැනට ඔසවා තැබීම සඳහා කටයුතු කරන ආසියානු සංවර්ධන බැංකුවට, මූල්‍ය ප්‍රදානයන් ලබා දෙන මූල්‍ය ආයතන දහතුනට ව්‍යවසායකයින් දක්වනුයේ ඉමහත් වූ භක්ත්‍යාදරයකි.
Dinamina
තුර්කි ගුවන් සේවය සමඟ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් වැඩි දියුණු කිරීම සාකච්ඡාවක් අද (25) පැවැත්විණි.
The United States Trade Representative for South and Central Asia, Brendan Lynch, expressed his appreciation for taking quick steps to stabilize Sri Lanka’s economy when he met the State Minister of Finance Shehan Semasinghe for a discussion held at the Ministry of Finance.
2021 මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබා දීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා ණය වශයෙන් අතිවිශාල මුදලක් අදාළ පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුව තිබු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඉදිරි සති දෙක ඇතුළත යූරියා පොහොර රැගත් තවත් නැවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය වඩා වැඩි සහායක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත.
අද(26) දිනයේත් රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබේ.
ඒ අනුව නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය - රු.591,384.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,870.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.166,900.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,140.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.153,050.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 18,270.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.146,100.00
-Aruna
ජුලි 01 සිට ගෘහස්ථ පාරිභෝගිකයින්ට 23%කින්ද ,ආගමික ස්ථානවලට 23%කින්ද ,හෝටල්වලට 43%කින්ද විදුලිබිල අඩුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Sri Lanka tea production for the month of April 2023 totalled 24.72 M/Kgs, showing an increase of 1.82 M/Kgs vis-à-vis 22.90 M/Kgs of April 2022. All elevations have shown a steady growth in volume in comparison with the corresponding period of 2022.
ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ කළ ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පැවැත්විය.
දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
The Board of Investment of Sri Lanka has received the approval from an expert committee to embark on a pilot project to cultivate cannabis within a BOI zone.
රජයට අයවිය යුතු රුපියල් බිලියන 950ක බදු මුදලින් අභියාචනා සහ විරෝධතා නොමැති රුපියල් බිලියන 270ක් පමණ බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා කෙරිණි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සටහන්වල වාර්තා වෙයි
යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයට රුපියල් කෝටි 40ක වවුචර්පත් බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
නිදහස් ශ්‍රී ලංකාවේ හය වැනි වතාවට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද (24) සිට ක්‍රියාත්මක පරිදි ලංකා සතොස අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
Page 74 of 279