Tuesday, August 25, 2026
Follow Us
මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස්වලට සම්බන්ධ වන මාර්ග සංවර්ධනයට තීරණයක්
මධ්යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස්වලට සම්බන්ධ වන මාර්ග 35ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මධ්යම අධිවේගී මාර්ගය බස්නාහිර, මධ්යම සහ වයඹ පළාත්වල අනෙකුත් මාර්ග සමඟ පහසුවෙන් සම්බන්ධ කිරීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වේ.
ඒ අනුව 1 කොටසට සම්බන්ධ මාර්ග 12ක් – කිලෝමීටර 117.68ක් III කොටසට සම්බන්ධ මාර්ග 14ක් – කිලෝමීටර 83.98ක් IV කොටසට සම්බන්ධ මාර්ග 09ක් – කිලෝමීටර 81.36ක් වේ.
මේ විදියට සංවර්ධනය කරන මාර්ග 35හි මුළු දිග කිලෝමීටර 283.02කි.
මේ ව්යාපෘතිය සඳහා රුපියල් බිලියන 104.9ක් පමණ වැය වෙයි කියලා ඇස්තමේන්තු කර තිබෙන අතර, 2026 සිට 2030 දක්වා කාලය තුළ වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මෙහි ඉදිකිරීම් අවසන් වූ විට මධ්යම අධිවේගී මාර්ගයට පහසුවෙන් ඇතුළු වීමටත්, ඒ අවට ප්රදේශවලට ඉක්මනින් ගමන් කිරීමටත් හැකි වන අතර  රථවාහන තදබදය අඩු වී ගමනාගමනය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමටත් මේ ව්යාපෘතිය මඟින් හැකි වේ.