ශල්‍යාගාරයේ ඇඳට ඉහළින් පෙනෙන ආලෝක ධාරාවත්, අවට සිටින හෙද හෙදියන් සහ වෛද්‍යවරයාගේ ශල්‍යාගාර ඇඳුම් සහ මුකවාඩම් සහිත රූප පෙළත්, එකිනෙක හා කැළතී මා වටා භ්‍රමණය වන්නාක් මෙන් මට දැනිණ. දකුණු ඇසට වරින් වර නිමක් නොමැතිව වත් කෙරුණු දියර නිසා අවට ආලෝක ධාරා වරින් වර බොඳව ගියේය. අන්තිමේදී ගැඹුරු දිය පත්ලක මා කිමිදෙන්නාක් වැනි දැනීමකි. අසලින් එකාකාරව නැගෙන බීප් ශබ්දයක් සහ වරින් වර ඇසෙන වචන පහත් හඬින් ගලා ආවේ ය. නිර්වින්දනය කළ ඇස මත සැත්කමක් සිදු කෙරෙන බව මුළුමනින් අමතක කර දැමුවෙමි. ගැඹුරු අගාධයකට අැද වැටී කිසියම් අඳුරු හිස් අවකාශයක පාවෙන්නාක් මෙන් මට දැනිණි. මෙවැනි වටපිටාවකට ගැළපෙන සේ දැනෙන, කවදා හෝ කියවූ විද්‍යා ප්‍රබන්ධයක් සිහියට නගන්නට තැත් කළෙමි. එහෙම නැත්නම් මගේම සිත තුළ මැවෙන ෆැන්ටසියක්.....එවැනි සිතිවිලි ධාරවල කිමිදි කිමිදී හදවත මිරිකන නොසන්සුන්කම පලවා හරින්නට උත්සාහ දරමින් සිටියෙමි.
අපේ ශරීරයේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය රිද්මයකට අනුව සිදුවන්නකි. මෙම ශරීර අභ්‍යන්තර ඔර්ලෝසුවට අනුව ක්‍රියාවන් සිද්ධ වෙත්දී එමගින් විවිධ සංඥා ලබා දීම සිදුවනවා. මෙම සංඥා නිසි පරිදි පිළිපැදීම ශරීර ක්‍රියාවන් හරිහැටි පවත්වා රෝග වළක්වා ගන්නට ප්‍රධාන හේතුවකි. ශරීරයේ ස්වභාවිකව ඇතිවන වුවමනාවන් දරා සිටීම ආයුර්වේදයේ වේග දරා ගැනීම ලෙස හඳුන්වනවා. මෙහිදී ද ශරීරය තුළින් මතුවන දරා සිටිය යුතු හා දැරීමට නුසුදුසු වේග යනුවෙන් කොටස් 2 ක් දක්වා තිබෙන අතර ශරීරය විසින් නොදැරිය යුතු වේගයන් දරා සිටීම මගින් ශරීරයට සිදුවිය හැකි අනර්ථයන් බොහොමයකි.
ලෝකය දවසින් දවස අලුත් වෙනවා. තාක්ෂණික සහ කාර්මික දියුණුවත් එක්ක වේගයෙන් මිනිස්සුත් යන්ත්‍ර තරමටම කාර්යබහුල සහ අවිවේකි වෙලා තියනවා. ලෝකයේම ක්‍රමය එහෙම තමයි. ඔබට මට විතරක් තනිවම ඒ ක්‍රමයෙන් ගැලවිලා ක්‍රම විරෝධී ගමනක් යන්න හැකියාවක් නැහැ. ඒක තමයි සැබෑ තත්වය.
දින කිහිපයක් මං බලා සිටියා හැමදාම ඇය ඇඳුම් උනා දමා කන්නාඩිය ඉස්සරහා විනාඩි කිහිපයක් ඇය දෙස බලා සිටිනවා. ඇය ඒ පැත්තට මේ පැත්තට හැරි හැරී ඇගේ ශරීරය දෙස බලනවා. බඩට අත තියලා බඩ ඇතුලට තද කරලා බලනවා. එල්ලා වැටෙන පපුව අත් දෙකෙන් උස්සලා තියලා බලනවා. හරියට ඇගේ ශරීරයේ කලිං තිබුණ දේවල් කිසි දෙයක් දැන් තිබිය යුතු නිසි තැන නෑ වගේ. ඇය ඒ දෙස බලා නැවත ඒවා ඒ තිබුන විදියටම සකස් කරන්න උත්සහා කරන සැටි මං හැමදාම හොරෙන් බලා සිටියා. ඇය ඇගේ ශරීරය දෙස කන්නාඩියෙන් බලන හැම අවස්තාවකම ඇය සිටින්නේ කණගාටුවෙන් බව මට තේරුනා.
ඇත්තටම අපි ජීවත් වෙන්නෙ අපේ කැමැත්තටමද..? හිතල බලන්න. බොහෝ වෙලාවට උත්තරේ "නැහැ" කියන එක. මොකක්ද හේතුව..? කවුරුහරි, කාගෙහරි උවමනාවට හදපු රාමු වලට කොටුවෙලා, බහුතරය "හරි" කියල පිළිගන්න, "සම්මතය" කියල පිළිගන්න විදිහකට අපි ජීවත් වෙනවා. නමුත් ඇත්තටම ඒ "ඔබ" නොවෙන්න පුළුවන්. ඇත්ත ඔබ කියන්නේ හාත්පසින්ම වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. හිතන්න, ඔබේ ජීවිතය ඔබේ, ඔබ කියන්නෙ ඔබට. ඔබ ඔබේ ජීවිතයේ ජීවත් වෙන්න දැන්වත් පටන් ගන්න. ආත්ම විශ්වාසය ඇති කරගන්න. "ඔබ ඔබම වෙන්න"
A man wanted to become a monk so he went to the monastery and talked to the head monk.
Smart වෙන්න, නැතිනම් smart character එකක් වෙන්න කවුද අකමැති..? ඕනෑම කෙනෙක් කැමතියි තමන් ගැන අනික් අය ඒ විදිහට කතාබහ කෙරෙනවා අහන්න. ඒත් ඇත්තටම Smart වෙන්න නම්, ඔයා ඔයාගේ ජීවන රටාවට එකතු කරගත යුතු දේවල් ටිකක් තියෙනවා. අපි විශේෂයෙන් මෙතැනදී කතාබහ කරන්නේ ඔයාගේ සන්නිවේදන හැකියාව ගැන. ඒක කොයි තරම් Smart විදිහට කරන්න ඔයා දැනුවත්ද කියන දේ ගැන. මේ ලිපියෙන් අපි කතාබහ කරන දේවල් ඔයා තුළ තියෙනවා නම් තමයි ඔයා ඇත්තටම “Smart communicator” කෙනෙක් විදිහට අනික් අයට පෙන්නේ. මොනවද මේ කාරණා…? අද gasma.lk කියවන ඔබ වෙනුවෙන් අපි ලැහැස්තියි මේ කරුණු ගැන කතාබහ කරන්න.
තැනින් තැන සුදුවෙමින් තියන තමන්ගෙ කෙස්ගස් දිහා කණ්ණාඩියෙන් බලාගෙන යමක් හිතමින් ඉන්න තමන්ගේ තාත්තා ගාවට හෙමීට ලංවුන පුංචි පුතා තාත්තගෙන් මෙහෙම ඇහුවලු.
Page 26 of 26