මට ටිකක් stress. මමත් එක්ක ටිකක් ඇවිදින්න යන්න එනවද...?
ම්ම්ම්ම් හා...
මගේ පොත් ටික කියවලා ඉවරයි. අළුත් පොත් ටිකක් ගන්න යන්න ඕනේ. ඔයාට පුළුවන්ද මං එක්ක යන්න...?
ම්ම්ම්ම් හා...
මං coffee date එකකට යන්න ආසයි. ඔයාට ෆ්රී එකක් තියෙයිද මමත් එක්ක ගිහින් coffee එකක් බොන්න...?
තියෙනවා. එන්නම්...
පුංචි ප්රශ්නයක් උනා. පොඩ්ඩක් කතාකරන්න පුළුවන්ද...?
ඉන්න මං ගන්නම්...
ඇයි මේ හැම එකටම කෙටි උත්තර...?
මාව වදයක් වගේ හිතෙනවද ඔයාට...?
වචනවලින් දෙන උත්තරවලින් කාවවත් මනින්න හදන්න එපා. මොකද වචනවලට පුළුවන් ක්රියාවට වඩා smart විදියට මිනිස්සුන්ව අන්දන්න. ඒත් ක්රියාවට පුළුවන් සීනීබෝල වචනවලට වඩා felt වෙන විදියට මනුස්සයෙක්ව තමන්ට වටිනවා කියලා අඟවන්න. ඉතින් මම තෝරගන්නේ දෙවනි පාර. ඉතින් ඒ මදිද...?
ඇති. තනි නොකර බැඳීම් වචනවලට සීමාවෙන්න නොදී ලගින් ඉදන් පරිස්සම් කරන එකම ඇති. මැරෙන තුරාවට නෙමේ මැරිලත් හුඟ කාලයක් යනකල්ම ඒ මට ඇති...
චරී...
