Saturday, January 24, 2026
Follow Us
හරිම පුදුමයි
ගුවන් තොටුපල කටුනායක ....
ආදරණීය බලාපොරොත්තුව
සපල ගැන්වූ..

 මැවූ සුන්දරම සිහිනය

දෑස් මානයට කැන්දූ..
මටම කියා තිබුනු
වටිනාම සම්පත
මගේම කරවූ...
ආදරණීය නුඹම..........
දුක හංගා සැනසෙන්න,
දැවි දැවී නිවෙන්න,
හඬ හඬා සිනාසෙන්න,
හොර රහසේ ඉකිබිඳින්න,
ඉඩ හසර සලසා...
මගේ හැමදේම
මගේ සම්පත,
හිතට හොරා මටත් හොරා
යලිත් රැගෙන ගිය හැටිනම්
හරිම පුදුමයි....
 
-Rash Perera