මම මේ කතාකරන්න යන්නේ කාම්බෝජය කියන රටේ පුංචි සංස්කෘතික කාරණාවක් ගැන. ඒ තමයි love huts. එහෙමත් නැත්නම් ආදර පැල්පත් කියලා කියන්නේ කාම්බෝජියානු ක්රන්ග් කියන ජන වර්ගයට අයිති දෙමව්පියෝ විසින් තමන්ගේ දූවරුන්ට නිර්මානය කරලා දෙන පුංචි පැල්පතකට. මේ ඒ ගැන කතාවයි...
තමන්ගේ දියණිය මල්වර උනයින් පස්සේ ඒ ගෙදර තාත්තාත් සහෝදරයිනුත් තමයි අසල්වාසිනුත් අඩගහගෙන උණගස් කපාගෙන ඇවිත් මේ love hut එක නිර්මානය කරලා දෙන්නේ. ඒවගේම තමන්ගේ ගෙදරට සද්ද බද්ධයක් නෑහෙන දුරකින් තමයි මේක ඔවුන් නිර්මාණය කරන්නේ. මේකේ අරමුණ තමයි තමන්ගේ වැඩිවියට පත්වුන දුවට තමන්ට ගැලපෙන සහකරුවෙක් හොයාගන්න නිදහස දෙන එක. ඒ තුලින් තමන්ගේ ලිංගික දිශානතිය තේරුම්ගත්ත පිරිමියෙක් හොයාගන්න වගේම තමන්ට ජීවිත කාලෙ පුරාම ජීවත්වෙන්න පුළුවන් වෙන විදිහේ පිරිමියෙක් අදුනගන්න ඇයට පූර්ණ නිදහස ලැබෙනවා...
ඉතින් මෙහෙම love hut එකක් ලැබුන ගෑනු ලමයා මුලින්ම කරන්නේ තමන්ගේ හිතේ crush එකක් තියෙන පිරිමි ලමයට හෝ තමන්ට කැමති පිරිමි ලමයෙක්ට තමන් සමග කතාබහකරලා අදුනගන්න අවස්ථාවක් සලසලා දෙන එක. ඒ වගේම පිරිමි ළමයින්ටත් මේ love hut එකක් තුල හැසිරෙන්න ඕනේ විනය සහ සීමාවන් ගැන ඒ දෙමව්පියෝ පිරිමි ලමයි වයසින් මුහුකුරා යනකොට අවබෝධයක් ලබාදෙන හින්දා අනවශ්ය ප්රශ්න ඇති වෙන්නේ නෑ. ඉතින් කාලයත් එක්ක අදුනගෙන තමන්ගේ රුචි අරුචිකම් ගැන කතාකරලා ගලපගත්තට පස්සෙ ඔවුන්ට රිසි පරිදි ජීවත්වෙන්න ඉඩ ලැබෙනවා.
ඉතින් මේ සංස්කෘතිය හින්දම ක්රන්ග් ජනයා අතර ලිංගික දුරාචාරයන්, ළමා අපචාර, ගෘහස්ථ හිංසන වගේ අපේ කාලීන සමාජේ ඇතුලේ සිද්ධවෙන කාරණා අවම අගයක් ගන්නවා. ඒවගේම ශාරීරිකව සහ මානසිකව දෙන්නෙක් තුල සුහදභාවය ඇතිවෙනවා. තමන්ගේ කෙනාගේ සීමාවන් වගේම රුචි අරුචිකම් තේරුම්ගන්නවා. ඒවගේම දෙමව්පියන් මේ වෙනුවෙන් ලබාදෙන නිදහස හින්දම මේ දරුවෝ ඕනෙම ප්රශ්නයක් තමන්ගේ දෙමව්පියන් එක්ක කතාකරන්න පෙළඹෙනවා...
ඒ කොහොම වෙතත් මේ වෙද්ද් කාම්බෝජය ඇතුලේ සිද්ධවෙන නාගරීකරණය එක්ක මේවගේ සංස්කෘතීනුත් විනාශවෙලා යනවා කියලා කාම්බෝජයෙන් වාර්තා වෙනවා..
චරී...