කැළෑ ගෙඩි කඩා ගෙනවිත් කුස නිව්ව
සත්තුත් ඉන්නවා මිනිසුන් දණ නැව්ව
ගිණි කඳු අතර නොපෙනෙයි මිස්සක පව්ව
''තිස්සට'' වඩා දුවපන් මගෙ, මුව පොව්ව .........
රෝස පාටින් පාට වැටුනම
පොපියනා ඔය තොල් පෙතී ..
ඇසක කඳුලින් සේදෙනා විට
හුඟක් රිදුනද මල් පෙතී ……..
රුවළ විතරක් හැඩට පෙනුනට
සැලී යාවිද අවර පෙත්තක් ...
ලවණ ජලයෙදි විඛාදනයත්
නැවක බඳකට උරුම ඇත්තක් ...
එදා.පෙරදවස
කොසොල්.මහ.රජතුමා
දුටු.සිහිනයක.තරම........
උපන්.හැටියේම
වසු.පැටියාගෙන්
මහවැස්සිය
කිරි.උරා.බොනබවක්...
Page 47 of 49