පටක තරලයේ දියවන විට බෙහෙතක්
වෛරස් සාදයේ කැළඹිලි ඇත දහසක්
සකසා දේශ සීමාවන් නැති අහසක් ...
එන්නත් කරණයට සැරසීමත් වෙහෙසක් ..
යවා එක එක විදියෙ යානා
තවම මතුපිට පමණි ඕනා
ඇයට ලන්වුනු පසුව පේනා
සිහින ගැන දන්නවද යානා ........
එදා.පෙරදවස
කොසොල්.මහ.රජතුමා
දුටු.සිහිනයක.තරම........
උපන්.හැටියේම
වසු.පැටියාගෙන්
මහවැස්සිය
කිරි.උරා.බොනබවක්...
වරුවක් ඇවිද සඳ ගියතැන සොයන ලද
තරුවක් මදිද හඬනා හැටි අහස මැද
ඉරුවක් ඉරා ගත් හදවත ලියන ලද
කවියක් තියා ගෙන අහසක් විඳින වද ........
අතහැර එක මලක් කෙහෙරැල් මතට ඉතී
අමතක කල හැකිද නළලත දැනෙන කිතී
පිසදා දෙකම්මුල් දෙතොලට තිබෙන හතී
පිරුනා අදත් ඇගෙ දෙනෙතේ කඳුළු වැටී
ගමේ මන්ත්‍රී තුමණි කෙල්ලත් පාසැලේ නැටුමට ගියා
කුසේ තැවරුණු නිසා රැවටිලි පිත කිපී වමනය කළා ..
කොත්තමල්ලී ගාන උස්සා ඉඟුරු තරහා වූ නිසා
තාලයට නැති පාද පැකිලී උත්සවේ කළුවර උනා .......
කැළෑ ගෙඩි කඩා ගෙනවිත් කුස නිව්ව
සත්තුත් ඉන්නවා මිනිසුන් දණ නැව්ව
ගිණි කඳු අතර නොපෙනෙයි මිස්සක පව්ව
''තිස්සට'' වඩා දුවපන් මගෙ, මුව පොව්ව .........
රෝස පාටින් පාට වැටුනම
පොපියනා ඔය තොල් පෙතී ..
ඇසක කඳුලින් සේදෙනා විට
හුඟක් රිදුනද මල් පෙතී ……..
රුවළ විතරක් හැඩට පෙනුනට
සැලී යාවිද අවර පෙත්තක් ...
ලවණ ජලයෙදි විඛාදනයත්
නැවක බඳකට උරුම ඇත්තක් ...
Page 47 of 50