Thursday, March 26, 2026
Follow Us
State

රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

එතෙක් දින 10ක් තුළ තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමටත් උපදෙස්.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී තිබේ.

State

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් , පැවැත්වෙන Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමිව මහනුවර පොත්තපිටිය නව කාර්මික ජනපදයේ වැඩ කටයුතු ආරම්භය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 07) සිදුකෙරිණි.

State
  • ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරය සමඟ එහි ඉදිරි ගමන් මග තීරණය වනු ඇත

-ජනපති ගාලු කතිකාව 2023 - ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව අමතමින් පෙන්වා දෙයි

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

State
  • මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනයට පියවර.
  • නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ජනපති මඩකලපුවේ දී කියයි.

ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

2030 ජාතික ඩිජිටල් උපායමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

State

ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (12) පෙරවරුවේ ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා එහි සංචාරයක නිරත විය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් මෙම සංචාරයට එක්ව සිටියහ.

State

ඉදිරි  මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා දී තිබේ.

State

මෙගා වොට් 3000ක බිම්ගත සූර්ය පැනල මගින් සහ ජලය මත පාවෙන සූර්ය පැනල මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් සහ මෙගා වොට් 1000ක සුලං ප්‍රභව මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සදහා වන අවශ්‍ය ඉඩම් හදුනාගැනීම් සහ ජල ප්‍රභව හදුනාගැනීම් ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැත්විණි.

State

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16, 17 දෙදින අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවා තිබේ.

State

ජාතික විශ්‍රමික දිනය අදට (08) යෙදී ඇත.

State

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/ 2024 අධ්‍යයන වර්ෂයට අදාළ ව ශාස්ත්‍රෙව්දී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2021, 2022 වර්ෂවල පැවති අපොස උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් මෙන් ම ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

State

මෙවර මහ කන්නයේ අක්කර 8461 පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම ඊයේ  (10) නිල වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය.

පැරෂුට් ක්‍රමය යනු වී වගාවේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා යොදා ගත හැකි නව තාක්ෂණික ක්‍රමයකි. විශේෂයෙන් වී වපුරනවාට වඩා සියයට 50කින් බිත්තර වී යොදාගැනීම අවම කරගත හැකිවේ. අවම පොහොර ප්‍රමාණයක් භාවිත කිරීමට හැකිවීම, වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම, හා වල් මර්දනය සඳහා පළිබෝධනාශක යෙදීමට සිදු නොවීම මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම නිසා මෙම ක්‍රමය ගොවිජනතාවට වාසිදායක ක්‍රමයකි.

මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුල්‍යමය අර්බුදකාරි තත්ත්වයක් පැවතුනත් රජය නව තාක්ෂණය වී වගාව සඳහා හදුන්වා දීමට ගන්නා වැඩසටහන්වලට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බව සඳහන් කළේය.

මෙම පැරෂුට් තැටි වසර 10ක් කන්න 20ක් එක දිගට භාවිත  කළ හැකිය. එමෙන්ම අක්කරයකට තැටි 400ක් අවශ්‍ය වේ. මෙම තැටි ලබා දීමේ දී ගොවි ජනතාව එක් තැටියක් මිල දී ගත යුතු අතර රජය විසින් නොමිලයේ තැටි තුනක් ලබා දීමට පියවර ගෙන ඇත.

 

පැරෂුට් තැටි ලබා දීමේ මෙම වැඩසටහන යටතේ මෙවර මහ කන්නය සඳහා තැටි මිලියන 3.2ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වූනු අතර එම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ සහ ගොවිජන කොමසාරිස් ජනරාල්. එච්. එම්.ඒ. එල්. අබේරත්න යන මහත්වරු සහ ගොවි නියොජිතයෝ ද සහභාගිවූහ.

State

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ලබන සඳුදා (09) හා අඟහරුවාදා (10) දිනයන්හිදී දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසා තැබීමට පියවර ගැනේ.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.

State

මෙරට පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

State

ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

ධාන්‍ය ආනයනය සඳහා රජය විසින් වැය කරන විදේශ විනිමය ඉතිරි කිරීමේ අපේක්ෂාවෙන් ග්‍රාමීය ප්‍රදේශයන්හි වගා කටයුතුවල යෙදී සිටින ජනතාවට ධාන්‍ය වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ සැපයීම මෙන්ම වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා පැවසීය.