Tuesday, May 13, 2025
Follow Us
පාසල් දරුවන් අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්  අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ.

අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විසින් 2023.03.10 නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වයන් හමුවේ ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායින් අත්මිඳීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලබා දිය යුතු උපදෙස් මෙහි සඳහන් වේ. 

ඒ අනුව, මේ සම්බන්ධව සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

111

222