Wednesday, March 25, 2026
Follow Us
බස්නාහිර පළාතේ වාර විභාග අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය  සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  ද ඉදිරිපත් කර තිබේ.