විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කොවිඩ් මර්දනය සදහා මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ දී වැඩකරන පන්තියේ ජනතාවටද ප්‍රමුඛත්වයක් ලබා දීම සුදුසු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
තිරසර සංවර්ධන සභාව විසින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය උදෙසා තිරසර සංවර්ධන අභිමතාර්ථ ප්‍රවාහගත කිරීමේ වැඩමුළුවක්, 2021 ජනවාරි මස දොළොස් වන දින වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. 2017 අංක 19 දරන ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත ප්‍රකාරව, අමාත්‍යංශවලට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට තිරසර සංවර්ධනයට අදාළ මාර්ගෝපදේශ ලබා දීමට තිරසර සංවර්ධන සභාව බැඳී සිටියි.
විදෙස් උපාධිය ලබා ඇති හාරදහස් අනූහයදෙනකු දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපන, සමාජයීය හා ආගමික සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී ඇත.
ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ් එන්නත් ගෙනඒම සඳහා පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.
The Government has denied a hand in the decision to destroy a war monument at the Jaffna University.
ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන්නේ වරාය වෘත්තීය සමිති කළ ඉල්ලීමකට අනුව නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.
මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල ඇරඹේ
• වියලි සම්බා වී 01kg ක් රු.52යි,වියලි නාඩු වී 01kg ක් රු.50 ක සහතික මිලක්
• තෙත වී මිලදී ගැනීමටත් පහසුකම්
• ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය හා ගොවියා එකට බැදුණු වැඩපිළිවෙලක්
• වී දැමීමේ ඇසුරුම් රජය මඟින් ගොවියාගේ අතටම
• සමාරම්භය අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩල ගබඩා සංකීර්ණයෙන්
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 71 වැනි උපන් දිනයට සමගාමීව ප්‍රතිසංස්කරණය කළ එම විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.01.11 දින විවෘත විය.
ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛපොංගල් දින උත්සවය පත්වනු දැකීම සැමගේ අපේක්ෂාව බව අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කළ තෛපොංගල් උත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවිඩයේ සඳහන්වේ. අගමැතිවරයා සිය ශුභාශිංසන පණිවිඩයේ මෙසේද සඳහන් කර සිටී.
1990 සුවසැරිය ගිලන්රථ සේවය කොවිඩ් 19 පාලනයේදී සැලකිය යුතු කාර්යභාර්යක් ඉටුකරනු ලබන අතර ඔවුන් කොවිඩ් 19 පාලනයේදි ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස හැදින්විය හැකි බැවින් එන්නත් ලබාදීමේදී සුවසැරිය ගිලන්රථ සේවයටද ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.
දැනට උද්ගතව ඇති තත්ත්වය මත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හෙට (13 වැනිදා) සහ අනිද්දා (14 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදීම පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමට තීරණය කර ඇත.
Thai Pongal, also known as the Festival of Harvest, is one of the foremost religious and cultural festivals celebrated by Tamils around the globe. It signifies paying gratitude to the Sun, on which farmers rely for a bountiful harvest and the traditional way of life tied to agriculture and Mother Nature.
The Mahapola Higher Education Scholarship Trust Fund had not received Rs. 673 million from the sale of an online lottery of the fund, which was sold through an intermediary, the Committee on Public Enterprises (COPE) heard yesterday.
2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් කරා යාමේ රජයේ ඉලක්කය කරා 2022 වසරේදී ළඟා වීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) උපුල් රණවීර මහතා පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පැහැදිළි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
A Workshop on SDG Mainstreaming was conducted for the Ministry of Wildlife and Forest Conservation by the Sustainable Development Council of Sri Lanka (SDCSL) on 12th January 2021 at the Ministry of Wildlife and Forest Conservation. SDCSL is mandated to provide guidance relating to sustainable development to ministries and other government institutions in terms of the Sri Lanka Sustainable Development Act, No 19 of 2017.
පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත‍්‍ර අලූත් කර ගැනීමේ වලංගු කාලය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ මෙලෙස කාලය දීර්ඝ කිරීමක් සිදුවන්නේ අවසන්වරට බවයි. ඒ අනුව මෙම අවසන් අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් රියදුරු බලපත‍්‍ර කල් ඉකුත් වී ඇත්නම් එය සකස් කර ගන්නා ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ.
Page 408 of 647