ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021 නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Sri Lanka will commemorate her 73rd Independence Day today at the Independence Square amidst tight security and without the participation of the public due to the Covid19 pandemic.
පුරප්පාඩු වී ඇති මහජන උපයෝගීතා කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබූ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු සභාවේ 06 වැනි රැස්වීම ඊයේ (03) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිළ නිවසේදී පැවැත්විණි.
නිවාස බිම් ඇතුරුම් ගල් (ටයිල් ) ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය පිණිස පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති බව වාර්තාවේ.
While rejecting the claims by private bus associations for not granting concessions for their service, Transport State Minister Dilum Amunugama said action will be taken against the bus operators if they resort to strike without any tangible reason.
73වන නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ; පුද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමේ පටු චේතනාවෙන් තමාට සහය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිත කර තීන්දු ගැනීමට කිසි විටෙකත් තමා සූදානම් නැති බවයි.
මෙම වසරේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පැළයක් සිටුවීමේ නැකතක් එක් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මෙමගින් රට තුළ විශාල පැළ ප්‍රමාණයක් සිටුවීමට අවස්ථාව උදාවන බවයි.
ටයිල් හා සෙරමික් නිෂ්පාදිත සඳහා පනවා තිබූ ආනයන තහනම ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
73 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව යුද හමුදාවේ නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයන් 8,226 දෙනෙකු සදහා උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ අනුව බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල්වරුන් 35 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර්වරුන් 34 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත් උසස් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී ඇතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (02 වැනිදා) පැවසීය.
The government has decided to further implement the micro finance loan scheme provided for indebted public living in the North and North Central provinces.
මෙරට ජාතික උරුම නම් කිරීමේ සහ හදුනා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදි ජාතික උරුම කළමණාකරණ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
රැකියා අහිමිව විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කරනවා.
Mayor of Colombo, Rosy Senanayake said yesterday that random COVID-19 tests will continue across Colombo at least till such time all are vaccinated against the virus or when the Health Ministry guidelines suggest otherwise.
ශ්‍රී ලාංකේය සියලු පුරවැසියන් 73 වැනි ජාතික නිදහස් දිනය සමරනු ලබන්නේ ඉමහත් අභිමානයෙනි. යටත් විජිතයක් බවට පත් වූ දින පටන් නිදහස දිනා ගැනීමට ලක්වැසියන් කළ කැපවීම හා සටන් ලෝක ඉතිහාසයේ නම් දරා තිබේ.
මහජනතාවට පීඩා වන අයුරින් ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ජනවාරි 31 දින අමාත්‍යවරයාගේ නිවසේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
The newly-elected office bearers of the Sri Lanka Foreign Service Association (SLFSA) met the Foreign Minister Dinesh Gunawardena on Monday at the Minister’s Bureau of the Foreign Ministry.
Page 401 of 647