Monday, September 28, 2026
Follow Us
State

No special request has been made so far by President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa to receive the anti-COVID-19 vaccination jabs and they will receive it next month when the government begins vaccinating those above 60 years, the Daily Mirror learns.

State

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වීමට නියමිතයි. ඒ, පෞද්ගලික බස් හිමියන් සහ මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ රාජ්‍ය අමාත්‍යංශය අතරයි.

State

The Cabinet has approved a proposal by the Highways Ministry to construct 5,000 pedestrian and vehicular bridges in rural areas in the country.

State

Steps are being taken to provide COVID-19 vaccine to all citizens from 30 to 60 years from March 1, State Minister of Primary Health Care, Epidemics, and COVID Disease Control Dr. Sudarshani Fernandopulle said.

State

ජාත්‍යන්තර පොලිසිය සහ ඉන්දියානු පොලිසිය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇල ගුණා සහ ඔහුගේ පුත්‍රයා මෙරටට ගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව අත්අඩංගුවට ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බවයි. කිඹුලාඇල ගුණාට අමතරව පාතාල වෙඩික්කරුවකු වූ ”බුම්බා” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයෙකු ද ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

State

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා(15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

State

කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

State

සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල අද සිට පහත දමා තිබෙනවා. ඒ, මාස 3ක කාලයක් සඳහායි. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම භාණ්ඩ 27 සතොස සහ සමුපකාර හරහා මිලදීගත හැකි බවයි.

State

සතොස ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට තවත් අවුරුද්දකට අධික කාලයක් ගතවනු ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ ඉකුත් ආණ්ඩු සමයේ සිදුකළ අක්‍රමිකතා හේතුවෙන් සතොස පාඩු ලබන ආයතන බවට පත්ව ඇති බවයි.

State

මේ වන විට කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන්ම හුදෙකලා බවින් නිදහස් වී තිබෙනවා. ඒ, කොළඹ සහ ගම්පහ ඇතුලුව තවත් ප්‍රදේශ 10ක හුදෙකලා තත්ත්වය අද අළුයම 05සිට ඉවත් කිරීමත් සමගයි. බොරැල්ල පොලිස් වසමේ, ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත හා වේළුවන පාර යන ප්‍රදේශ හුදෙකලා බවින් මුදා හැර තිබෙනවා.

State

President Gotabaya Rajapaksa on Saturday emphasised that visiting the people and solving their problems is not a political drama or a media show, and that it is not his policy to identify problems only through the officials without going among the people.

State

පාරිභෝගික භාණ්ඩ 27ක මිල අඩු කිරීමේදී ලාභය නොව ජනතාවට ලැබෙන සහනය පිළිබද පමණක් සලකා බැලූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල ඊයේ සිට පහත දමන බව ප්‍රකාශ කෙරුණු අතර එහි මිල ගණන් වෙළඳ පොලේ පවතින මිල ගණන් වලට වඩා අඩු අගයක් ගෙන තිබුණා. එබැවින් බොහෝ පාර්ශව පැවසුවේ ආණ්ඩුව පාඩුවක් දරමින් මෙලෙස භාණ්ඩ අඩු මිලට ලබා දෙන බවයි.

State

මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භ වූ පසු පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

State

The isolation status of Borella, Pugoda, Minuwangoda and Ambalantota police areas will be lifted from 5.00 am tomorrow, Army Commander Shavendra Silva said.

State

The Wages Board of Sri Lanka has approved a daily wage of Rs. 1,000 for plantation workers.

State

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් නිරෝධායනය විය යුතු දින ගණන අඩු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ, අනුව මෙතෙක් දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානවල ගත කළ යුතු වුවත් එය දින 10කට අඩු කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. එළෙස දින 10කට අඩු කෙරෙන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිරෝධායන කාලය පමණයි.

State

මුදල් අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව ආනයනය දැඩි ලෙස සීමා කරන තිබුණද පසුගිය වසරේදී මෙරටට විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15000 ක භාණ්ඩ ආනයනය කර ඇති බව තහවුරු වේ.