Monday, August 10, 2026
Follow Us
State

2025 වර්ෂයේ නොමිලයේ බෙදාහැරීම සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය සඳහා වන ටෙන්ඩර්කරුවන්ට ටෙන්ඩර් ප්‍රදානය සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබ්නට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

State

‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

State

මෙරට ආදීවාසීන්ගේ නිදහස වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කළ බව සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

State

තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.

State

අද උදෑසන 09 වන විට ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත පරිදි වේ.

21 Flood warning for Gin Ganga Basin No 01 2024 1724211517 1 page 0001

State

එළඹෙන මහ කන්නයේදී වැඩි වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන පරිදි, සහ වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම පිණිස හෙක්ටයාර් එකක් සඳහා ගෙවනු ලබන පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට  කටයුතුකළ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

State

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටි.

State

අගෝස්තු 24,25 හා 31 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය නොවැළැක්විය හැකි හේතුවක් මත 2024 ඔක්තෝම්බර් 19, 20 සහ 31 යන දිනවලට කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State
අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2024.08.28 වන බදාදා පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12 ක කාලයක් පහත සඳහන් ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
State

2024 ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව සහ දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් විස්තරයක් ඇතුළත් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

State

ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

State

යල කන්නයේ වී මිලදී ගැනීම අද(27) සිට ආරම්භ වෙයි.

State

ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව වෙනත් රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

ගත වූ පැය 24 කාලය තුළ (2024.08.19 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

සැප්තැම්බර් 09 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කර තිබෙයි.

අද (26) සිට සැප්තැම්බර් 11 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

election News 02

State

ධීවර ජනතාව දිරිගැන්වීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම උදෙසා ඉන්ධන සහනයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කිරීමට ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

State

දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 04 දක්වා දීර්ඝ කර  ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.