2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් ලබාගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහ - 6641
සජිත් ප්‍රේමදාස - 4675
නාමල් රාජපක්ෂ - 500
දිලිත් ජයවීර - 251
බෞද්ධ, හින්දු, ඉස්ලාම් ක්‍රිස්තියානි හා කතෝලික දහම් පාසල් ගුරුභවතුන් සිදු කරන සේවය අගය කරමින් ඔවුන් දිරිගැන්වීම සඳහා රුපියල් 7500ක දීමනාවක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එළඹෙන 2025 වර්ෂයේදී සියලු ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දිරිගැන්වීමේ ගුරු දිමනාව සහ රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාව වශයෙන් වාර්ෂිකව රුපියල් 7500ක දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදුකරන ලද මැතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතය.
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ කොළඹ ඡන්ද විමසීම හෙට පෙරවරු 07ට සිදුකිරීමට සියලු කටයුතු සූදානම් බව බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් එස් කේ බණ්ඩාර මාපා මහතා සඳහන් කරයි.
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ කාර්යයට බාධාවන සිද්ධි පිළිබඳව, මැතිවරණ නීතිඋල්ලංඝණය කිරීම් හා ඡන්ද විමසීමේදී සිදුවන අනීතික ක්‍රියා පිළිබඳව වාර්තා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය විශේෂ දුරකතන අංක පිළිබඳව දැනුම්දීමක් කර ඇත.
බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සැප්තැම්බර් 20 වැනිදා සිකුරාදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ජනාධිපතිවරණය 2024 සඳහා ගත වූ පැය 24 තුළ (2024.09.14 ප.ව. 4.30 දක්වා) ලැබුණු මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන පහත සඳහන් පරිදි වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වන විට නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දනුම් දෙයි.
අද (15) පැවැත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
304 HS කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කළේය.
“කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, අපේක්ෂකයාගේ නම හා සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ 1 ඉලක්කම සටහන් කිරීමෙනි. එසේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, දෙවන මනාපය 2 ඉලක්කම සටහන් කිරීමෙන් ද, තුන්වන මනාපය 3 ඉලක්කම සටහන් කිරීමෙන් ද ලබාදෙන්න පුළුවන්.
මේ 1 ඉලක්කම වෙනුවට යම්කිසි අයෙක් X සලකුණ යොදන්න අදහස් කරන්නේ නම්, ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේ දී වලංගු ඡන්දයක් විදියට පිළිගන්නවා.
ඡන්දය X සලකුණෙන් ලබාදුන් පසුව මනාප ලකුණු කිරීමට හැකියාවක් නෑ.”
අද (15) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට බාධාවන අයුරින් ප්‍රචාරක කටයුතු සිදු නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉල්ලා සිටියි. ඊයේ(14) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Page 38 of 646