Monday, May 05, 2025
Follow Us
ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීරණය

2024 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වූ බවයි.

ඒ අනුව එම ප්‍රශ්න 03ට නිදහස් ලකුණු ලබා දී  උත්තර පත්‍ර පරීක්ෂා කිරීම කඩිනමින් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.