Monday, May 05, 2025
Follow Us
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කරයි

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිපොළගේ මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හෙට (09) සිට ඔක්තෝබර් 15 වන දින දක්වා ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත අදාළ රූපගත කිරීම සිදුකරයි.

එම නිසා ඉහත දිනයන්හි පෙ.ව 7.30 සිට ප.ව 5.30 දක්වා කාලය තුළ කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර පමණක් කරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

හෙට (09) දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සැලසුම,

01. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.

02. ඔක්තෝබර් 10,11,12 සහ 13 යන දිනයන් හිදී කොළඹ