Monday, June 16, 2025
Follow Us
2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර ගැන නිවේදනයක්

2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පළවන පුවත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පළවන එකී පුවත් සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියදුරු බලපත් අවලංගු කිරීම සම්බන්ධව කඩිනම් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි. 

 මේ වන විට මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු  කිරීමට පියවර ගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව දැනටමත් 2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවත් සඳහන් කරයි.