Thursday, June 12, 2025
Follow Us
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට නව ගොඩනැගිලි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමිය තුළ දේශන ශාලා ද ඇතුළුව පූර්ව සායනික ගොඩනැගිල්ල සහ අත්‍යවශ්‍ය පරිපාලන ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස අවශ්‍ය පිරිවැය රුපියල් මිලියන 2,149ක් වශයෙන් ගණනය කර තිබෙන අතර ඒ අනුව, මෙම වසර තුළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර, අවශ්‍ය ප්‍රතිපාදන 2026‑2028 අයවැය කාලරාමුව තුළ වෙන් කර ගැනීම මඟින් අදාළ පහසුකම් සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
 
2023 අයවැය යෝජනාවකට අනුව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කර ඇත.  ඒ අනුව, එම වර්ෂයේදී වෙන් කරන ලද රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන යොදවා, විශ්වවිද්‍යාලය තුළ ඇති ගොඩනැගිලි භාවිත කරමින් හා නවීකරණය කර ගනිමින් මේ වන විට සිසුන් 80දෙනෙකු බඳවාගෙන ඇති අතර, පළමු සහ දෙවන අධ්‍යයන වර්ෂයන් ක්‍රියාත්මක වෙමින් පවතී.

නමුත්, අවශ්‍ය දේශන ශාලා, පරිපාලන ගොඩනැගිලි සහ පූර්ව සායනික ගොඩනැගිලි මෙතෙක් ඉදිකර නොමැති වීම හේතුවෙන් එම වෛද්‍ය පීඨයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට බාධා පැමිණ ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.