Thursday, June 19, 2025
Follow Us
ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව පහත දැක්වෙන ලිපිනයෙහි ස්ථානගතකොට ඇති බව ශ්රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය මහජනතාවට දැනුම් දෙයි.

ලිපිනය : අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක : +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260
විද්යුත් තැපැල් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටියි.