Wednesday, February 11, 2026
Follow Us
QR ක්‍රමය දිගු කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් කියයි

මේ වන විට ක්‍රියාත්මක ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය තවත් සැලකිය යුතු කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇතැයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි උප සභාපති කුසුම් සඳනායක නෙත් නිවුස් වෙත පැවසුවේ මේ වන විටද ලැබෙන ඉන්ධන තොග QR ක්‍රමය ක්‍රියාත්මක නොවූ සමයේ පැවති ඉල්ලුම පවා සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි.

දුර ගමන් යන පුද්ගලයින්ට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය හරහා වැඩිපුර ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

QR ක්‍රමවේදය සමඟ මේ වන විට ලියාපදිංචිවී ඇති සංඛ්‍යාව පනස් හත් ලක්ෂයකට අධිකයි. ූඍ ක්‍රමවේදය ක්‍රියාත්මක පිරවුම්හල් සංඛ්‍යාව 1,260 ක්.

Neth