Wednesday, February 11, 2026
Follow Us
කොළඹ – බදුල්ල දුවන්න එන ඇල්ල ඔඩෙසි

එළඹෙන සති අන්තයේ සිට ගමන් අරඹයි


මීලග සති අන්තයේ සිට අධි සුඛෝපභෝගී දුම්රියක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

එම දුම්රිය “ඇල්ල ඔඩෙසි” ලෙස නම් කර ඇති අතර දුම්රිය සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර
පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතව ඇත.

එසේම සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟාවනු ඇත.

එමෙන්ම දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය නවත්වනු ඇති බවද ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Aruna