2022 වර්ෂයේ පළමු පාසල් වාරය සැප්තැම්බර් 07 වනදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, දෙවන පාසල් වාරය ඇරඹෙන්නේ සැප්තැම්බර් 13 වනදාය.
නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය කම්කරු මුදල් අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කර ඇත.
භාණ්ඩ 48කට පැන වූ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට අධිකරණයෙන් රුපියල් ලක්ෂ 05ක් දක්වා වූ උපරිම දඩ මුදලක් පැනවිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. අදාල භාණ්ඩ සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් 30 වනදායි.
පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ඉහල දැමුණු ජල ගාස්තු අද සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, කාණ්ඩ 12 ක් යටතේයි. ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහල නංවමින් විෂය භාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉකුත් අගෝස්තු 25 වනදා දිනැතිව ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා.
2021 - 2022 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාල කිහිපයක නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඉන්ධන බෙදාහැරීමේදී පැවැති අඩුපාඩු නිවැරදි කර ගනිමින් පසුගිය දින 4 දී වැඩි වශයෙන් ඉන්ධන තොග බෙදාහැර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුනේ මෙහෙයුම් කටයුතු ලබන සැප්තැම්බර් 15 වැනිදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. 15 වැනිදා සිට නෙළුම් කුළුන නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් පාරිභෝගික අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ආර්ථික අර්බුදය විසදන්න පුළුවන්
ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹීය.
දීර්ඝ කාලීනව පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. කෙසේ වෙතත් එම ආයතනවල අයිතිය රජය සතුව තබා ගත යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
සිල්ලර වෙළඳපොලේ බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව මිල රුපියල් 50 ක් දක්වා වැඩි කෙරේ.
Page 146 of 647