Tuesday, February 10, 2026
Follow Us
දෛනික බෙදාහරින ඉන්ධන තොග ගැන පැහැදිලි කිරීමක්

ඉන්ධන බෙදාහැරීමේදී පැවැති අඩුපාඩු නිවැරදි කර ගනිමින් පසුගිය දින 4 දී වැඩි වශයෙන් ඉන්ධන තොග බෙදාහැර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් දෛනිකව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3000 බැගින් බෙදා හරින බවයි.

බස්රථ සහ පාසැල් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය ඉන්ධන තොග ද ලබාදී ඇතැයි අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 35,000ක් ඊයේ රාත්‍රියේ ගොඩබෑමට නියමිතව තිබූ බව ද අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා.

Neth